දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රීලංකන් – එයාර් සීෂෙල්ස් නව ගුවන් ගමන් සබඳතාවයක්.
Homeගොසිප්

ශ්‍රීලංකන් – එයාර් සීෂෙල්ස් නව ගුවන් ගමන් සබඳතාවයක්.

PropellerAds

ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම 2018 අප්‍රේල් මස 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි එයාර් සීෂෙල්ස් (Air Seychelles) ගුවන් සමාගම සමග...

අලි-කොටි ගිවිසුමක් ගැන ගම්මංපිලගෙන් හෙළිදරව්වක්
මිය ගිය කතකගේ ගර්භාෂයකින් දරු උපතක්
හුවාවි ලොක්කාගේ දියණිය අත්අඩංගුවට

ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම 2018 අප්‍රේල් මස 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි එයාර් සීෂෙල්ස් (Air Seychelles) ගුවන් සමාගම සමග විශේෂ ගුවන් සබඳතා ගිවිසුමක් වෙත පසුගියදා එළැඹී ඇත. මෙම නව ගිවිසුම මගින් ගුවන් මාර්ග ජාලය වැඩිදියුණු කර ගුවන් සමාගම් දෙකෙහිම ගුවන් මගීන්ට සංචාරක අවස්ථා රැසක් සුවපහසු ආකාරයෙන් ලබාදීමට ගුවන් සමාගම අපේක්ෂා කරනු ලබයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා සඳහන් කළේ එයාර් සීෂේල්ස් සමඟ මෙවැනි හවුල්කාරිත්වයක් ආරම්භ කිරීමට ලැබීම පිළිබඳ සැබවින්ම සතුටට පත්වෙන බවයි. එසේම මෙමගින් ගුවන් සමාගම් දෙකටම වාසිදායක තත්ත්වයක් ඇති වන අතර එය අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට ඉතා වැදගත් වනු අති බවද හෙතෙම පෙන්වා දුන්හ. මේ සමඟ ශ්‍රීලංකන් හි ගුවන් මගීන්ට සීෂෙල්ස් හරහා දකුණු අප්‍රිකාව, මොරිෂස් සහ මැඩගස්කරය ඇතුළු නව ගමනාන්ත තුනක් සඳහා ගුවන් පහසුකම් සැලසෙනු ඇති බවද ඒ මහතා පෙන්වා දුන්හ. ඊට සමගාමීව එයාර් සීෂෙල්ස් හි පාරිභෝගිකයින්ට ශ්‍රීලංකන් ගුවන් සේවය හරහා ඉන්දියාව සහ ඈත පෙරදිග ගමනාන්ත වෙත ගමන් කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්හ.

එයාර් සීෂෙල්ස් හි ප්‍රධාන විධායක නිලධාරී රෙම්කෝ ඇල්තුයිස් ( Remco Althuis) මහතා සඳහන් කළේ ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ නව අන්තර් ගුවන් ගමන් ජාල සම්බන්ධතාකරු (interline partner) ලෙස කටයුතු කිරීමට ලැබීම පිළිබද සතුටට පත් වන බවයි. මෙම ගිවිසුම මගින් ආසියාවේ සංචාරය කිරීම සඳහා නව විකල්ප ක්‍රමවේදයන් සිය අමුත්තන්ට හිමිවන බවත් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමඟ පැමිණෙන සංචාරකයන්ට ඉන්දියන් සාගරයේ ගුවන් ගමන් ජාලයට සම්බන්ධවීමට ඉඩ සැලසෙන බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්හ.

මෙම නව ගිවිසුමත් සමඟ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මගීන් හට එයාර් සීෂෙල්ස් සමග සීෂෙල්ස් හි සිට දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්, මොරිෂස්, මැඩගස්කරය සහ දේශීය ගමනාන්තයක් වන ප්‍රස්ලින් (Praslin) වෙත පියාසර කිරීම සඳහා ගුවන් ගමන් පහසුකම් හිමිවේ. එයාර් සීෂෙල්ස් (www.airseychelles.com) සමඟ පියාසර කරන මගීන්හට ශ්‍රීලංකන් ගුවන් සේවය සමගින් සීෂෙල්ස් සිට කොළඹ දක්වා සහ එතැන් සිට මුම්බායි, බැංකොක්, සිංගප්පූරුව, ටෝකියෝ, බීජිං සහ හොංකොං වෙත ගමන් කිරීම සඳහා ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේ හැකියාව ද පවතී.

ශ්‍රීලංකන් ගුවන් සමාගම වත්මන්හි රටවල් 47 ක ගමනාන්ත 105 ක් වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි. එහිදී ගුවන් මගීන්ට සුවපහසු ආසන,නවීන පන්නයේ විනෝදාස්වාදක පද්ධති, ගුවන් යානා අභ්‍යන්තර ආහාරපාන මෙන්ම සුහදශීලී ගුවන් මැදිරි කාර්ය මණ්ඩලයේ උණුසුම් ආගන්තුක සත්කාරය අත්විඳීමට හැකිවී තිබේ. වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හරහා රටවල් 160 ගමනාන්ත 1000 දක්වා පියාසර කිරීමේ පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට හිමිවේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය විශිෂ්ටත්වය නැවත වරක් විදහා දක්වමින් ගුවන් සේවා ඉතිහාසයේ පළමු වරට ගුවන් මගීන්ගේ ප්‍රතිචාර මත ඇගයුම් කර සම්මාන ලබාදීමේ වැඩසටහන වන ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ (Airline Passenger Experience Association (APEX) සම්මාන උළෙලේ දී තරු 4 පංතියේ සේවා ඇගයුම් (Four Star) ලැබීමට පසුගියදා සමත් විය. එසේම 2017 වසරේ ශ්‍රීලංකන් ගුවන් සමාගම , ලෝක සංචාරක සම්මාන ආසියානු කලාපීය සම්මාන උළෙලේ දී (WTA Asia Ceremony) ආසියාවේ ප්‍රමුඛතම සංස්කෘතිකමය වටිනාකමින් යුත් ගුවන් සේවය (“Asia’s Leading Cultural Airline” ) ලෙස සම්මානයට පාත්‍ර විය. ශ්‍රීලංකන් ගුවන් සමාගමට පසුගිය කාලයේ තවත් ගෝලීය සම්මාන රැසක් එනම් ඉන්දියානු සාගර කලාපයේ මෙහෙයුම් කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවාව, වසර 2ක් නොකඩවා Future Travel Experience Asia සම්මාන උළෙලේදී මධ්‍යම සහ දකුණු ආසියාවේ සමස්ත විශිෂ්ට සේවා ගුවන් සේවය බවටද පත්වීය. තවද ශ්‍රීලංකන් ගුවන් සමාගම කලාපීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ “ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය” ලෙස 2017 වසරේ දෙවැනි වාර්ෂික දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේ දී පැසසුම් ලැබීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලංකන් – එයාර් සීෂෙල්ස් නව ගුවන් ගමන් සබඳතාවයක්.
ශ්‍රීලංකන් – එයාර් සීෂෙල්ස් නව ගුවන් ගමන් සබඳතාවයක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhU7LwjvPKRkvuTFqUYttsOm8jKVhUeb8tc3dJdMp7ZZmXdEfRWnzrGLNE5Yh5GKpOyAnBLRzOnEYuK8rDBR5Uq8Pdc1ViQ9A_M0N2e27DgVDKGlWGP6-jgd6itoBeiRLY9mZBTfANatgc/s1600/SriLankan-A330-300.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhU7LwjvPKRkvuTFqUYttsOm8jKVhUeb8tc3dJdMp7ZZmXdEfRWnzrGLNE5Yh5GKpOyAnBLRzOnEYuK8rDBR5Uq8Pdc1ViQ9A_M0N2e27DgVDKGlWGP6-jgd6itoBeiRLY9mZBTfANatgc/s72-c/SriLankan-A330-300.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_763.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_763.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy