දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මඩකළපුව ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවා සඳහා විවෘතයි.
Homeගොසිප්

මඩකළපුව ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවා සඳහා විවෘතයි.

PropellerAds

රජය විසින් රට තුළ අභ්‍යන්තර ගුවන් සේවා ප්‍රචලිත කිරීම හා නැගෙනහිර පළාතේ දේශිය හා විදේශීය සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමේ අරමුණ ඇතුව මඩකළපු...

ගුවන් ඔත්තුවකින් රහසිගත ගංජා හේන් 158ක් එළියට
සිහිසුන්ව ඇද වැටුණු ස්‌වාමියාගේ දිවි ගලවාගන්න සුනඛයෙක් දැරූ වෙහෙස
දළදා මාළිගාවේ පත්තිරිප්පුවට රිදී ද්වාරයක් නිමවා පූජා කළ දානපති යුවළ

රජය විසින් රට තුළ අභ්‍යන්තර ගුවන් සේවා ප්‍රචලිත කිරීම හා නැගෙනහිර පළාතේ දේශිය හා විදේශීය සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමේ අරමුණ ඇතුව මඩකළපුව අභ්‍යන්තර ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවා අධිකාරියට පැවරීමෙන් අනතුරුව, ගුවන් යානා මෙහෙයුම් හා සේවා කටයුතු ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් මාර්තු 25 වෙනි ඉරුදින ආරම්භ කිරීමට නියමිතය.

1958 වසරේ නොවැම්බර් මස 17 වන දින සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කරනු ලැබූ මඩකළපුව අභ්‍යන්තර ගුවන් තොටුපළ වසර ගණනාවක් පුරා රට තුළ පැවති කුරිරු යුධමය වාතාවරණය හේතුවෙන් වසර 25 කට ආසන්න කාලයක් යුධ හමුදා හා ගුවන් හමුදා මෙහෙයුම් කටයුතු සඳහා පරිහරණය කරන ලදී.

නමුත් රට තුළ පවතින වත්මන් සාමකාමී තත්ත්වය පදනම් කර ගනිමින් මෙම ගුවන් තොටුපළ යළි ප්‍රතිසංවර්ධනය කර ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2016 වසරේ ජූලී 16 වන දින විවෘත කරන ලදී.

මෙම ගුවන් තොටුපළ නවීකරණය කොට ප්‍රතිසංවර්ධනය කිරීමට රුපියල් මිලියන 1400 ක මුදලක් රජය විසින් වැය කර ඇත. ඒ අනුව මීටර් 1066 ක් දිගින් හා මීටර් 46 ක් පළලින් යුතු ධාවන පථය ප්‍රතිසංවර්ධනය කොට ධාවන පථයේ නව විදුලි පද්ධතියක්ද ස්ථාපිත කොට ඇත. මීට අමතරව මගී පර්යන්ත ගොඩනැගිල්ලද සියලු පහසුකම් සහිතව නවීකරණය කොට ඇත.

මඩකලපුව ගුවන් තොටුපළ, මඩකලපුව නගරයේ සිට 1.7 km ක් පමණ දුරින් සේත්තුකුඩා යන ප්‍රදේශයේ පිහිටා ඇති අතර, කටුනායක සිට 206 km ක් හා රත්මලාන ගුවන් තොටුපළේ සිට 222 km ක දුරින් පිහිටා ඇත. ලබන 25 වෙනිදායින් පසු මෙම ගුවන් තොටුපළේ සියලු කාර්යයභාරයන් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් සිදු කෙරෙන අතර, පෞද්ගලික ගුවන් සේවා සමාගම් කිහිපයක්ම මේ වන විට රත්මලාන හා මඩකලපුව අතර මගී ගුවන් සේවා පවත්වාගෙන යෑම සඳහා කැමැත්ත පළ කර ඇති බවත්, මේ තුළින් රජයට ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගැනීමට හැකිවන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29335,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මඩකළපුව ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවා සඳහා විවෘතයි.
මඩකළපුව ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවා සඳහා විවෘතයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRH4oWhN0b6NAP7IhYz7BsYCeK3RnYUqmlhe2Ml9mg4QKDhRwRoZHnn92cx6rz8oThDnhKXeqOpbiCSWmR2qhvbbkgTsASVD8HaVcfMjKmUUPm39MDjSer4GbfDzgKSB9CxeltGzMnIyU/s1600/e353b3bacb980443944069d7e3ee3db8_XL.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRH4oWhN0b6NAP7IhYz7BsYCeK3RnYUqmlhe2Ml9mg4QKDhRwRoZHnn92cx6rz8oThDnhKXeqOpbiCSWmR2qhvbbkgTsASVD8HaVcfMjKmUUPm39MDjSer4GbfDzgKSB9CxeltGzMnIyU/s72-c/e353b3bacb980443944069d7e3ee3db8_XL.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_703.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_703.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy