දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ගොඩනැගිලි හදළා දෙන්න පුළුවන් : ඒත් හදවත්" - හමුදාපති.
Homeගොසිප්

"ගොඩනැගිලි හදළා දෙන්න පුළුවන් : ඒත් හදවත්" - හමුදාපති.

PropellerAds

මහනුවර ප්‍රදේශයේදී ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් විනාශයටපත් ගොඩනැගිලි සහ පුජනීය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මැදිහත්වන ලෙස ජනාධිපතිවර...

මගේ ආබාධිත දුවගේ ඡායාරූප යොදාගෙන සිඟමන් යදින සොර යුවල දුටු තැන පොලිසියට දැනුම් දෙන්න- පියා ඉල්ලයි
ජීවිතයේ අවසන් කාලය එඩී නිසා රුක්මනී දේවි දුක් වින්දා ගීත කෝකිලාවිය ගැන සමීපතමයන් කියන කතා
කතානායක පුටුවේ ඉස්සරත් පිස්සෙක් වාඩි වෙලා

මහනුවර ප්‍රදේශයේදී ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් විනාශයටපත් ගොඩනැගිලි සහ පුජනීය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මැදිහත්වන ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇතැයි හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක සඳහන් කරයි.

මහනුවර ප්‍රදේශයේ සිංහල සහ මුස්ලීම් ව්‍යාපාරික හමුවකට එක්වෙමින් හමුදාපතිවරයා මේ බව සඳහන් කල අතර අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ජනාධිපති අරමුදලින් ප්‍රතිපාදන වෙන්කර දෙන බවටද ජනාධිපතිවරයා දැනුම්දුන් බවත් ඔහු එහිදී පැවසීය.

ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කල ආකාරයට ගොඩනැගිලිද සාර්ථකව ප්‍රතිසංස්කරණය කර දීමට ශ්‍රී ලංකා හමුදාවට හැකි නමුත් ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තුවාල වූ හදවත් සුව කිරීමට හමුදාවට නොහැකි බවද හමුදාපතිවරයා එහිදී පැවසීය.

ජනතාවගේ හදවත් සුවපත් කිරීම සඳහා මැදිහත්වීම දේශපාලන කටයුත්තක් බවත් ඔවුන් සියළු දෙනා ඒ වගකීම ඉටුකරන්නට මැදිහත්වීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය කටයුත්තක් බවද හමුදාපතිවරයා සඳහන් කරයි.

එසේම ප්‍රචණ්ඩකාරී සිදුවීම් පාලනය කිරීමට හමුදාව එන විට සියල්ල ගිනිගෙන හමාර බවත් මේ වන විට එම ප්‍රදේශයේ ජනතාව පොලිසිය කෙරෙහි දක්වන සැකය ඉවත්කිරීමටද කටයුතු යෙදිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

"කණගාටුවෙන් වුනත් කියන්න ඕන, මේ සිදුවීමේදී කෙළින්ම ඇඟිල්ල දිගුවෙලා තියෙන්නේ පොලිසියට සහ විශේෂ කාර්ය බලකායට. ඒ ජනතාව කියනවා ඔවුන් බලාගෙන ඉන්නකොටයි සේරම කළේ කියලා. ඒ සැකය අවිස්වාසය, හොඳ දෙයක් නෙවෙයි. අපිට මේ ගැන කණගාටුයි කියලා විතරයි කියන්න තිබුණේ. ඒ නිසා අපි කියන්නේ, මේ මිනිසුන්ගේ හදවත් දිනන්න අවශ්‍යයි. අපි බිල්ඩින් හදලා දුන්නට ඒ විතරක් ප්‍රමාණවත් නෑ."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29342,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ගොඩනැගිලි හදළා දෙන්න පුළුවන් : ඒත් හදවත්" - හමුදාපති.
"ගොඩනැගිලි හදළා දෙන්න පුළුවන් : ඒත් හදවත්" - හමුදාපති.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtyD2Y_QAjG6vXpvIuMj3KxMt_XAGhYztdksZw3gw40Wz5yFXGx4oCmuAPyHlNRZtm6Vf8cjf6nv6Uh84uv2Yow-93jeDEfTzCihReUzPttkDc_3Qkaiw1Kxu4CJmXsKM8ZRmp0mO7yY8/s1600/831709628.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtyD2Y_QAjG6vXpvIuMj3KxMt_XAGhYztdksZw3gw40Wz5yFXGx4oCmuAPyHlNRZtm6Vf8cjf6nv6Uh84uv2Yow-93jeDEfTzCihReUzPttkDc_3Qkaiw1Kxu4CJmXsKM8ZRmp0mO7yY8/s72-c/831709628.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_697.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_697.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy