ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදුවෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කලකිරීමක් සහ පිළිකුලක් ඇති වන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූර...
ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදුවෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කලකිරීමක් සහ පිළිකුලක් ඇති වන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා පවසයි.
ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙසේ වැඩිදුරටත් පැවසීය.
“ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදුවෙමින් පවතින ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් කලහකාරී සහ පිළිකුලක් ඇති වෙනවා. මා මෙය සම්පුර්ණයෙන් ම හෙලා දකින අතර ම මෙයාට සම්බන්ධ සියළු පාර්ශ්වයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කරනවා. එසේම මම ශ්‍රී ලංකා ජනතාවගෙන් මෙවන් අවස්ථාවල බුද්ධිමත්ව සහ එකාවන්ව සමඟියෙන් සිටින ලෙස ඉල්ලා සිටිනවා.”
ශ්‍රී ලංකාව තුළ කිසිවෙකුත් ආගම හා ජාතිය හේතුවෙන් ගැටලුවකට පත් විය නොහැකි බවත් ශ්‍රී ලංකාව එක් රටක් හා එක් ජාතියක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා සඳහන් කරයි.
මේ වන විට ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි.
ආදරය, විශ්වාසය හා බාර ගැනීම ලනක්වේ පොදු භාවිතය විය යුතු බවත් ඔහු පවසයි. ජාතිවාදයට හා ප්‍රචණ්ඩත්වයට අවස්ථාවක් නොමැති බවත් එය නවත්වා එකා ලෙස ශක්තිමත්ව සිට ගන්නා ලෙසත් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
එමෙන්ම වර්තමානයේ උද්ගත වී ඇති නොසන්සුන්කාරී තත්ත්වය හෙලා දකින බවත් ඒ සඳහා සම්බන්ධ වූ සියලු පාර්ශවයන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා පවසයි. වර්තමානයේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ ට්විටර් පණිවිඩයක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
COMMENTS