මහනුවර, දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශවල උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද(06) පස්වරුවේ ප...
මහනුවර, දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශවල උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද(06) පස්වරුවේ පැවැත්විණි.
මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන්, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික පූජකවරුන්ගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විණි.
එම සාකච්ඡාවට එස්.බී. දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, එම්.එච්.ඒ. හලීම් සහ ෆයිසර් මුස්තාෆා ඇතුලූ අමාත්‍යවරුන් පිරිසක්ද එක්ව තිබේ.
ඊට අමතරව මෙම සාකච්ඡාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය, පොලිස්පතිවරයා ඇතුලූ ආරක්ෂක අංශ ප්‍රධානීන් ද සහභාගී වී තිබේ.
සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මැති ඇමැතිවරු කණ්ඩායමක් මෙම සාකච්ඡාවට එක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට ගුවනින් මහනුවර ගොස් ඇත.
COMMENTS