අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (26) දිනයේදී පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නියමිතය...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (26) දිනයේදී පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නියමිතය.
විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී දින 5 ක් ඇතුළත න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමේ නියමයට අනුව මෙය සිදුවන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසී ය.
ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් වීමෙන් පසු එය විවාදයට ගැනීමේ කටයුතු සිදු කිරීමට නියමිතය.
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අප්‍රේල් මස 04 වනදා උදෑසන 9.30 සිට රාත්‍රි 9.30 දක්වා විවාද කර ජන්ද විමසීමක් සිදු කිරීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ.
බත්තරමුල්ලේදී අද (26) පැවැති මාධ්‍ය හමුවකදී ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසූවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ජාතික හෙළ උරුමය සහාය නොදැක්වීමට තීරණය කර ඇති බවයි.
ශ්‍රීලනිපයේ සහය අවිනිශ්චිතයි
අගමැතිට එරෙහි ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අවිනිශ්චිත බව පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මහතා පවසයි.
පසුගිය දිනකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විසින් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් ඔවුන්ගේ සහය අවිනිශ්චිත බව අද(26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙලෙස සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පවතින රජයක සිටීමට අකමැති බව ජී.එල් පීරිස් මහතා පෙන්වා දුන්නේය.
එම ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් කළ ප්‍රකාශ ක්‍රියාවට නැංවීමට අප්‍රේල් 4 වනදාට සුදානම් විය යුතු බවත් ඒසේ සුදානම් නොවන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතාට අකමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ට මෙන්ම මන්ත්‍රීවරුන්ට ද ප්‍රකාශ කළ නොහැකි බවත් ජී.එල් පීරිස් මහතා වැඩිදුරටත් පැවසී ය.
මේ අතර අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තම පක්ෂයේ ස්ථාවරය ලබන මස 2 වනදා ප්‍රකාශයට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.
දෙමළ ජාතික සන්ධානයේ නායකයින් රැස්වී එදින අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
COMMENTS