මේ වනවිට තහනම් කර තිබෙන ග්ලයිෆොසෙට් කෘෂි රසායනය නැවත භාවිත කිරීමට අනුමැතිය ලබාදීමට රජය තීරණය කර ඇත. මේ සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ...
මේ වනවිට තහනම් කර තිබෙන ග්ලයිෆොසෙට් කෘෂි රසායනය නැවත භාවිත කිරීමට අනුමැතිය ලබාදීමට රජය තීරණය කර ඇත. මේ සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මේ සඳහා අනුමතය ලබාදීමට නියමිතය.
අතුරලිය රතන හිමියන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව ග්ලයිෆොසෙට් කෘෂි රසායනය ලංකාවට ගෙන්වීම අත්හිටුවා කාබනික පොහොර භාවිත කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබිණි.
එසේ වුවත් මේ පිළිබඳව හේන් ගොවීන් විශාල ලෙස රජයට බලකරමින් ඉල්ලා සිටියේ ඔවුන්ගේ වගාවන් සඳහා මේ ග්ලයිෆොසෙට් කෘෂි රසායනය භාවිත කිරීමට අවශ්‍ය බවයි. එය භාවිතය නවතාලීම හේතුවෙන් තේ අස්වැන්නට ප්‍රබල බලපෑමක් සිදුකරන බව පෙන්වාදෙමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාද අවස්ථා කිහිපයකදීම මේ තහනම ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබිණි.
පසුගිය සතියේ බත්තරමුල්ලේදී පැවැති උත්සවයකට සහභාගිවෙමින් අතුරලිය රතන හිමියන් ප්‍රකාශ කළේ පැවැති පළාත් පාලන මැතිවරණයේ පරාජයට හේතුව ග්ලයිෆොසෙට් හා පොහොර ජනතාවට ලබා නොදුන් බවට ජනාධිපතිගේ උපදේශකවරුන් මේ වනවිට උපදෙස් ලබාදී තිබෙන බවත් ඒ අනුව යහපාලන රජයේ පොරොන්දුවක් වූ ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට කටයුතු කළොත් ආණ්ඩුව අනෙක් පැත්තට හරවන බවත්ය.

COMMENTS