දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රතු නිවේදන ලැබූවෝ ඩුබායි රටේ නිදැල්ලේ.
Homeගොසිප්

රතු නිවේදන ලැබූවෝ ඩුබායි රටේ නිදැල්ලේ.

PropellerAds

පසුගිය වසර ගණනාවක් පුරා පොලිසියට අත්‍යවශ්‍ය බවට රතු නිවේදන නිකුත් කරනු ලැබ සිටින සහ ජාත්‍යන්තර වරෙන්තුවලට ලක්වූ පාතාල සහ වෙනත් අපරාධවලට ස...

මං කලකිරීමෙන් කියන කතා බොරු කිසිම ප්‍රශ්නයක් නෑ - රංගෙ බන්ඩාර
පාදයේ ආබාධයකට ලක්වීම නිසා මැතිව්ස්ට සති 4 ක් නිවාඩු
උසස් පෙළ ඉහළින් දිනූ අය කියූ කතා (video)

පසුගිය වසර ගණනාවක් පුරා පොලිසියට අත්‍යවශ්‍ය බවට රතු නිවේදන නිකුත් කරනු ලැබ සිටින සහ ජාත්‍යන්තර වරෙන්තුවලට ලක්වූ පාතාල සහ වෙනත් අපරාධවලට සම්බන්ධ මෙරට අපරාධකරුවන් රැසක් සහ ජාත්‍යන්තර රතු නිවේදන ලද උදයංග වීරතුංග වැනි පුද්ගලයින් ඩුබායිහි නිදහසේ සිටින බවට මෙරට බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන තිබේ.

පසුගිය කාලය තුළ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී මෙරටට මත්ද්‍රව්‍ය එවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාතාල අපරාධකරුවන් ඇතුළු වෙනත් විවිධ අපරාධවලට සම්බන්ධ වී නීතියෙන් පලාගොස් විදේශ රටවල සිටින පුද්ගලයන් පහළොස්දෙනකුට පමණ රතු නිවේදන නිල් නිවේදන සහ ජාත්‍යන්තර වරෙන්තු නිකුත්වී ඇත. ඔවුන් වැඩිදෙනෙකු ඉන්දියාව, සිංගප්පූරුව, මැ‍ෙල්සියාව යන රටවලට පලා ගොස් සිට අනතුරුව මේ වනවිට ඔවුන් සියලුදෙනාම ඩුබායි රටට එක්රොක් වී සිටින බවටද එම බුද්ධි අංශ තොරතුරුවලින් හෙළිදරව්වී ඇත.

ඔවුන් මේ වනවිටත් මත්කුඩු ජාවාරම්, මාෆියා කල්ලි, ජාත්‍යන්තර ඔත්තු සේවා, ආයුධ අලෙවිය ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වී සිටින බවද වාර්තා වෙයි.

මෙරටදී එම අපරාධකරුවන් විසින් එම ජාවාරම් හරහා උපයන ලද කෝටි ගණන් මුදල් ඩුබායි රටේ මූල්‍ය ආයතනවල තැන්පත් කර ඇති බව ද වාර්තා වෙයි.

ඒ අතර ඔවුන් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවහොත් එම මුදල් ඔවුන් විසින් එරට බැංකුවලින් ඉවත් කර ගන්නා බවට ඔවුනොවුන් අතර සිදුවූ සාකච්ඡා එරට පොලිසිය හරහා මෙම මූල්‍ය ආයතනවලට දැනගන්නට ලැබී ඇති බවත් එම මූල්‍ය ආයතන මගින් ඒ බව ඩුබායි රජයේ බලධාරින් දැනුවත් කර ඇති බවත් වාර්තාවී ඇත.

මේ අතර ඉදිරියේදී ඩුබායි රටේ එසේ නිදහසේ සිටින මෙරට අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීම සඳහා වෙනමම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මෙරට පොලිසිය බලාපොරොත්තු වේ.

උදයංග, මධුෂ් ඇතුළු ජාත්‍යන්තර වරෙන්තු නිකුත්වී ඇති පුද්ගලයන් ගණනාවක්ම ඒ ආකාරයෙන් ඩුබායිහි සිටින බවට පැහැදිලිවම ඔප්පුවී ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රතු නිවේදන ලැබූවෝ ඩුබායි රටේ නිදැල්ලේ.
රතු නිවේදන ලැබූවෝ ඩුබායි රටේ නිදැල්ලේ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXFNaoas0GuuEcaJUQVAnhAWj8ki2wLvPGQGt6oREMe9yzyIuwUsNOCz7oDLnyTTpaf0AZyKD3gO8ezZ5pLYsIvXwPeadvadbwBkCTeZJqYCsK0uR8XCiDSGeXF8qcQhP_zYhSVkK6iCY/s1600/images+%25282%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXFNaoas0GuuEcaJUQVAnhAWj8ki2wLvPGQGt6oREMe9yzyIuwUsNOCz7oDLnyTTpaf0AZyKD3gO8ezZ5pLYsIvXwPeadvadbwBkCTeZJqYCsK0uR8XCiDSGeXF8qcQhP_zYhSVkK6iCY/s72-c/images+%25282%2529.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_456.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_456.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy