දේශපාලනය කිරීමේදී පරිස්සම් විය යුතු යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ අද මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පොදු ජන පෙරමුණ යටතේ තර...
දේශපාලනය කිරීමේදී පරිස්සම් විය යුතු යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ අද මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පොදු ජන පෙරමුණ යටතේ තරඟ කර ජයග්‍රහණය කළ දිස්ත්‍රික්ක කිහිපයක අපේක්ෂකයින් දිවුරුම් දීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“මේ ජයග්‍රහනය නිසා අද රජය එක්තරා විදියකට දෙදරලා ගිහිල්ලා තියෙනවා. රජයේ අස්ථාවරභාවය පිළිබඳ අද පැහැදිලිවම රටට පේනවා. මේ අස්ථාවරත්වය ඇති වීම නිසා අද මම හිතන්නේ රට තුළ වෙනත් බලාපොරොත්තු ඇති වෙමින් පවතිනවා. දැන් ඉන්නේ ඔබට විරුද්ධ රජයක්. රජය ඇහැ ගහගෙන ඉන්නේ. ඔබ කරන හැම ක්‍රියාවලියක්ම, හැම ක්‍රියාවක්ම, ඔබ හැසිරෙන හැටි ගැන, මොන විදියටද හැසිරෙන්නේ, මොන විදියටද ක්‍රියාත්මක වෙන්නේ කියන එක රජයේ හැම ආයතනයක්ම ඔබ දිහා බලාගෙන ඉන්නවා. ඒ නිසා ඔබ පරිස්සම් වෙන්න ඕනේ. දේශපාලනය කරන පුද්ගලයා දේශපාලනයෙන් හැදෙන්න වෙන්නේ නෑ. දේශපාලනය රට හදන්න. අපි කැපවෙලා කරේ නැත්තම්, කොන්ත්‍රාත් පස්සේ ගියොත්, නැත්තම් ඒ තනතුර වෙනත් දේ වටා පාවිච්චි කරන්න ගියොත් එකෙන් වෙන්නේ ඔබට විතරක් නෙවෙයි අපි සියලුදෙනාටම, පක්ෂයටත් එක්ක ගැටළුවක් වෙනවා.”
COMMENTS