නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කිරීමේ හැකියාවක් පවතින්නේ ද යන්න පිළිබඳ සොයා බලා වාර්තා කරන ...
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කිරීමේ හැකියාවක් පවතින්නේ ද යන්න පිළිබඳ සොයා බලා වාර්තා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට දැනුම් දී තිබේ.
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් රන්ජන් රාමනායක මහතාට එරෙහිව මාගල්කන්දේ සුදත්ත හිමි, විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ නඩු දෙකක් අද (23) සිසිර ද අබෘ, ප්‍රියන්න ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ රන්ජන් රාමනායක මහතා අඛණ්ඩවම අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ පළ කරමින් සිටින බවයි.
එමෙන්ම නීතිපතිවරයා වෙනුවෙන් පෙනී රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයට දන්වා සිටියේ අදාළ වීඩියෝ පටය අධිකරණ හමුවට ඉදිරිපත් කර ඇති බවයි.
එහිදී ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිර ද අබෘ මහතා රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයාට කියා සිටියේ එම වීඩියෝ පටයෙන් පිටපතක් ලබා ගෙන එය අධ්‍යනය කර අධිකරණයට අපහාස කිරීමට අදාළ චෝදනා ගොණු කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව සොයා බලන ලෙසයි.
අදාළ නඩුව ජුනි 4 යළි කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට වැඩිදුර කරුණු දක්වන මෙන්ද අදාළ පාර්ශවවලට නියෝග කර තිබේ.
COMMENTS