“ග්ලයිෆෝසේට්" වල් මර්ධනය තවදුරටත් තහනම් කරන්නේද නොකරන්නේද යන්න ලබන සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දු කිරීමට නියමිත අතර මේ තීන්දුව...
“ග්ලයිෆෝසේට්" වල් මර්ධනය තවදුරටත් තහනම් කරන්නේද නොකරන්නේද යන්න ලබන සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දු කිරීමට නියමිත අතර මේ තීන්දුවට පක්ෂ හා විපක්ෂ වශයෙන් කැබිනට් අමාත්‍යවරු බෙදී සිටින බවද වාර්තා වේ.
ග්ලයිෆෝසේට් වකුගඩු රෝග (CKDU) සෑදීමට සෘජු සම්බන්ධක් නොවන බව විශේෂඥ කමිටුවක් විසින් පෙන්වාදීමෙන් පසුව එහි තහනම ඉවත් කළයුතු බවට මතයක් ගොඩනැගී තිබේ.
එම විශේෂඥයන් විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මේ අතර කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටින අතර ඒ අනුව ග්ලයිෆෝසේට් තහනම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් එනු ඇති බවටද ඔහු විශ්වාසය පලකර සිටී.
කෙසේවුවද, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න හා පූජ්‍ය අතරලියේ රතන හිමියෝ ග්ලයිෆෝසේට් තහනම තවදුරටත් පවත්වාගෙන යායුතුය යන මතයේ සිටිති.
ග්ලයිෆෝසේට් තහනම තවත් වසරත් අදින්න ජනපතියෙන් සහතිකයක් !
රතනහිමියන් කියා සිටින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණු බවත්, ඒ මහතා තවත් වසරක කාලයක් ග්ලයිෆෝසේට් තහනම පවත්වාගෙනයාමට සහතිකයක් දී ඇති බවයි.
මේ අතර, රතනහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (26) සෙමා ආයතනයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විමට නියමිත බවද වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යවරයාට අමතරව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද ග්ලයිෆෝසේට් තහනමට පක්ෂව කටයුතු කරන බව රතන හිමියෝ කියති.
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කළේ ග්ලයිෆෝසේට් ගැටලුව ජනාධිපතිවරයා සභාපතිත්වය දරණ ජාතික ආර්ථික කවුන්සිලයට ඉදිරිපත් කරන බවයි.
විශේෂඥයින්ගේ වාර්තා සලකා බලා ඔවුන් තීරණයක් ගනු ඇති බවද ඔහු සඳහන් කළේය.
ග්ලයිෆෝසේට් තහනම හේතුවෙන් තේ වැවිලිකරුවන් දුක්විඳින බවද ඔහු පැවසීය.

COMMENTS