අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව සකස් කර ඇති විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 51 දෙනෙකු අත්සන් කර ඇතැයි වාර්තා වේ....
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව සකස් කර ඇති විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 51 දෙනෙකු අත්සන් කර ඇතැයි වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එයට අත්සන් කරන බවට දන්වා ඇතැයිද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසූවේ රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ පසුව ඊළඟ අගමැතිවරයා තෝරා පත් කරගැනීමේ වගකීම ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතුව බවය.
බහුතර කැමැත්ත ඇති පුද්ගලයෙකු අගමැතිවරයා ලෙස පත්කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසී ය.
COMMENTS