ජා-ඇල ඒකල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් 50කට ආසන්න පිරිසක් අද දිනයේත් රෝහල් ගත කර තිබේ. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ම...
ජා-ඇල ඒකල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් 50කට ආසන්න පිරිසක් අද දිනයේත් රෝහල් ගත කර තිබේ.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මේ වන විට සේවිකාවන් 12 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේත්, තවත් දෙදෙනෙකු ජා-ඇල දිසා රෝහලේ සහ 35 දෙනෙකු ගම්පහ රෝහලේ පෙරවරුවේ ඇතුළත් කෙරුණු බවයි.
ඔවුන් ශ්වසන අපහසුතා සහ ක්ලාන්ත තත්ත්වයට පත්වීම හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇති අතර ගෑස් කාන්දුවීමක් හේතුවෙන් මෙම කර්මාන්තශාලාවේ සේවිකාවන් 40 දෙනෙකුට වැඩි පිරිසක් ඊයේ (19) දිනයේදීත් රෝහල් ගත කරනු ලැබීය.
මෙම ඇඟලුම් කර්මාන්තශාලාවේ අපද්‍රව්‍ය ඉවත් කිරීම සදහා භාවිතා කරන වායු පීඩන යන්ත්‍රයකට යොදන ලද රසායනික ද්‍රව්‍යයක් කාන්දු වීමෙන් මෙම තත්ත්වය සිදුව ඇති බවයි පොලීසිය සිදු කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.
COMMENTS