රත්ගම සිරිකඳුර වත්තේ අධිබලැති විදුලි රැහැන් අදිමින් සිටියදි නොසැළකිලිමත් ලෙස විදුලිය සම්බන්ධතාවය ලබා දිම නිසා විදුලි සැර වැදි පුද්ගලයෙක් ම...
රත්ගම සිරිකඳුර වත්තේ අධිබලැති විදුලි රැහැන් අදිමින් සිටියදි නොසැළකිලිමත් ලෙස විදුලිය සම්බන්ධතාවය ලබා දිම නිසා විදුලි සැර වැදි පුද්ගලයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි ලංකා විදුලි බල මණ්ඩලයේ සිව්දෙනා තව දුරටත් 9දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මෙනවිය අද (05) ගාල්ල නියෝග කලාය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ ගෝනාපිනුවල ඩිපෝවේ විදුලි අධිකාරි ඒ.පී.ඩබ්ලිව්. ජයසේකර, ගාල්ල විදුලි අධිකාරි බී.ජී.සමන්ත කුමාර කම්බිකරුවෙකු වන එල්.ඒ.සුසන්ත සහ අනියම් පුහුණු කම්කරුවෙකු වු එල්.ඩි.අසිත ශ්‍රිනාත් යන සිව් දෙනාය.
මෙසේ විදුලිසැර වැදි මියගොස් ඇත්තේ හික්කඩුව තොටගමුව පදිංචි ලද්දු නීල් සාන්ත නැමති තිස්නම හැවිරිදි විවාහකයෙකි ඉකුත් සිකුරාදා (2) සවස රත්ගම පොලිස් වසමේ සිරිකඳුර වත්තේ ගම්මානයකට විදුලිය ලබා දිම සඳහා ප්‍රදේශවාසින් දැනුම්වත් කර විදුලිය විසන්ධි කොට අධිබලැති විදුලි කණුවක් මත නැගි විදුලි රැහැන් ඇදිමේ කටයුතුවල යෙදි සිටියදි නඩත්තු කටයුතු අවසන් විමට පෙර විදුලි බලය ලබා දිම නිසා ඔහුට විදුලි සැරවැදි මියගොස් ඇත.
පැමිණිල්ල මෙහෙයවන රත්ගම පොලිසිය කියා සිටියේ නඩත්තු කටයුතු කරමින් සිටියදිම නොසැළකිල්ලෙන් විදුලි බලය ලබා දිම නිසා මරණය සිදුව ඇති අතර මියගිය අයගේ බිරිඳ සහ ඥාතින් මෙය මරණය ගැන සැක කරන බව පවසන නිසා මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්විමට නියමිත බවය.
සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් අධිකරණයට කියා සිටියේ මෙය සිතා මතාකරන ලද දෙයක් නොව සන්නිවේදනයේ දුර්වලතාවයක් නිසා අහඹු ලෙස සිදු වු දෙයක් බවය. නඩත්තු කටයුතු අවසන් වූ පසු ස්ථාන හතරකින් පුද්ගලයින් හතර දෙනෙකු විසින් ඒ පිලිබඳ සන්නිවේදනය කරන බවත් ඒ අනුව එසේ සන්නිවේදනය කිරිමේ දි ඇති වු අඩුපාඩුවක් නිසා මෙය අහම්බෙන් සිදු වි ඇති බවත් සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසත් නීතිඥවරු ඉල්ලා සිටියහ.
සියලු කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් තවදුරටත් 9දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට නියෝග කලාය.
(ගාල්ල ලලිත් චාමින්ද)
COMMENTS