පළාත් සභා නාම යෝජනා පත්‍රයේ කාන්තා නියෝජනය 30% ක් අනිවාර්ය කිරීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 20 වන ආණ්ඩුක්‍ර...
පළාත් සභා නාම යෝජනා පත්‍රයේ කාන්තා නියෝජනය 30% ක් අනිවාර්ය කිරීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේ 2/3 ක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසුව රජය මෙම තීරණය ගෙන ඇත.
යෝජනාව කාරක සභා අවස්ථාවේ දී පළාත් සභා ඡන්ද විමසීම මිශ්‍ර ක්‍රමයක් යටතේ පැවැත්වීම සදහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ සැලසුමක් ඇත.
එවිට පාර්ලිමේන්තුව කලබැගෑනියක් බවට පත්වනු ඇති බවත් එහි පරිමාව අනුව ආණ්ඩු පක්ෂය විපක්ෂයට ප්‍රතිචාර දක්වනු ඇත.
ආණ්ඩුවට අවම අවදානමක් !
මෙම අවස්ථාවේ ආණ්ඩුවට අවම අවදානමක් සහිත මැතිවරණය ‘ජනමත විචාරණයක් බැවින්‘ ඒ සදහා යොමුවීමට ඇති ඉඩකඩ විශාලය. ඒ අනුව ලංකාවට යෝජිත මැතිවරණ ක්‍රමය සමානුපාතික ක්‍රමය ද? මිශ්‍ර ක්‍රමය ද? යන්න (හෝ මානප ක්‍රමය ද? කෝට්ඨාශ ක්‍රමය ද?) යන්න ජන මත විචාරණයකට යොමු කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව අනුව කටයුතු කළ බව රටට ඒත්තු ගැන්වීමට රජයට හැකිවනු ඇති අතර, පළාත් සභා මැතිවරණය කල් දමා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
මැතිවරණ කල් දැමීමට විරුද්ධ වැඩිම විවේචණය එල්ල වන මැතිවරණ කොමිසම හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ද මෙවැනි යෝජනාවකට විරුද්ධ නොවනු ඇති බවත්, ඒකාබද්ධ විපක්ෂයට ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් ‘ජනමත විචාරණයක දී පවත්වා ගත නොහැකි බවත් රජයේ අදහසයි.
පනු බෙහෙත් බිව් විට දැනෙන සතුට :
මේ අතර කැෆේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින්, ''අහන ප්‍රශ්නය අනුව ඡන්ද ප්‍රතිඑලය තීරණය වන ලංකාවේ එකම මැතිවරණය ‘ජනමත විචාරණය යි‘. පක්ෂයක් ලෙස මැතිවරණයකට මුහුණ දිය නොහැකි නම් සහ මොකක් හෝ මැතිවරණයක් පැවැත්විය යුතුම නම් ඒ සදහා වන හොදම සැගවුණු අවිය ‘ජනමත විචාරණය‘ යයි සඳහන් කර තිබේ.
එහි මෙසේද සඳහන්වේ.
ඩිලාන් පෙරේරා නැතිනම් නලීන් බණ්ඩාර වැනි අයෙකුට අවශ්‍ය නම් ‘අපේ රටට අවශ්‍ය සමානුපාතික ක්‍රමය ද? කොට්ඨාශ සහිත මිශ්‍ර මැතිවරණ ක්‍රමය ද? කියා පැහැදිලි උත්තරයක් සහිත ප්‍රශ්නයක් ලාම්පු කලගෙඩි සෙල්ලමට දැමිය හැකිය.
මැතිවරණ කොමිසමට තියන්නට මැතිවරණ ලැබේ. නිරීක්ෂණය කරන්නට ද මැතිවරණ ඇත. වෙන මැතිවරණ මොකවත් දිනන්නට බැරි උදවියට දිනන්නට ද හැකිය.
මෛත්‍රී-රනිල්-අනුර ත්‍රීත්වයට ‘මනාප නැති මිශ්‍ර මැතිවරණ ක්‍රමයක්‘ පොර ටෝක් දීමට ද හැකිය. අඩු මාත්‍රාවෙන් කිරි පනු බෙහෙත් බිව් විට දැනෙන ‘හැමෝම සතුටු‘ තත්වය ද අත් විදිය හැකිය.
ජනමත විචාරණයක් ඒකාබද්ධ විපක්ෂයට ද ෂෝක් ය.
18 වන ව්‍යවස්ථා සංශෝධනය මහින්ද ගේ ආණ්ඩුවේ මිනී වල වූ ලෙසම, 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණයට කොකා පෙන්වීම මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ අවසානයේ ඇරඹුම වනු නොඅනුමානය.
ඇත්තටම මෙවැනි අදහස් එන්නේ සෝඩා නැතිව ගල් අරක්කු වැඩිපුර බිව් විටය. මා දන්නා තරමින් ‘ඒ දෙන්නාම‘ සෝඩා ඇතිවත් - නැතිවත් ‘ගල් අරක්කු‘ බොන්නේ නැත.
ගල් අරක්කු මට මතක නැත! . දන්නේ නැත!!. කියන්නේ ද නැත!!!
COMMENTS