දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹ ආශ්‍රිත මුහුදේ තිබී ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළි වේ (PHOTOS)
Homeප්‍රවෘත්ති

කොළඹ ආශ්‍රිත මුහුදේ තිබී ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළි වේ (PHOTOS)

PropellerAds

ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය දිනවල සිදුකරන ලද ගවේෂණ ඔස්සේ කොළඹ ආශ්‍රිත මුහුදු තීරයේ තිබී ගිලී ගිය යාත්‍රා රාශියක තොරතුරු අනා...

ඇමතිනී පවිත‍්‍රා IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි
නැගෙනහිර ජැටිය ගැන ජනතා හඬට ආණ්ඩුව කන් දිය යුතුයි.. ජාතික සම්පත් විකුණවාට ශ‍්‍රීලනිපය විරුද්දයි
ජනතාව පොල්තෙල් වෙනුවට සොයාතෙල් කනවා නම් පොල් මිල අඩු කරන්න පුළුවන් - ඇමැති බන්දුල
කොළඹ ආශ්‍රිත මුහුදේ තිබී ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළි වේ (PHOTOS)

ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය දිනවල සිදුකරන ලද ගවේෂණ ඔස්සේ කොළඹ ආශ්‍රිත මුහුදු තීරයේ තිබී ගිලී ගිය යාත්‍රා රාශියක තොරතුරු අනාවරණය වී තිබේ.

දෙහිවල ආශ්‍රිත මුහුදු ප්‍රදේශය මූලික කරගනිමින් ක්‍රියාත්මක කළ ගවේෂණයේ දී  ගිලී ගිය යාත්‍රා 20කට ආසන්න ප්‍රමාණයක තොරතුරු ලැබී ඇති අතර වසර 100කට වඩා පැරණි යැයි අනුමාන කළ හැකි යාත්‍රා මෙන්ම මෑතකාලීනව ගිලී ගිය යාත්‍රා ද ඒ අතර පවතියි.

මුහුදු පුරා විද්‍යා උරුමයන් රැසක් පවතින දකුණු මුහුදු තීරය මෙරට සමුද්‍ර පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දී අතිශයින් වැදගත්වන අතර එහි පවතින ගල්පර හා දියවැල් හේතුවෙන් යාත්‍රා ගමනාගමනයට බාධා සහිත කලාපයක් වශයෙන් ද මෙම කලාපය පුරාවිද්‍යා පූර්ව ගවේෂණ ඔස්සේ හඳුනාගෙන තිබේ.

මෙහි සිදු කළ ගවේශනයේ දී  1871 වර්ෂයේ දී ගාල්ලේ දී මුහුදුබත් වී ඇති වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක  වූ රාජකීය තැපැල් නැවක් (Royal mail Ship) ලෙස සැලකෙන RMS Rangoon නෞකාවේ ශේෂ වූ කොටස් ගාලු වරායට නාවික සැතපුම් 7ක් දුරකින් මීටර් 30ක් පමණ ගැඹුරු මුහුදේ තැන්පත්ව තිබී සොයාගෙන තිබේ.

පර්යේෂණයට ලක් වූ බොහෝ යාත්‍රා මීටර් 25කට වඩා ගැඹුරු මුහුදේ තැන්පත් වී ඇති අතර, ලෝහ භාවිතයෙන් නිපදවා ඇති මෙම යාත්‍රා අතර විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකා මෙන් ම වාෂ්ප නෞකා දකුඩා හා මධ්‍යම ප්‍රමාණයේ වාෂ්ප නෞකා ද එන්ජින් බලයෙන් ක්‍රියාත්මක වූ බත්තල් ද වේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු විධිමත් කරමින් පුරාවිද්‍යා ගවේශන හා සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් හා විශේෂඥ සහාය ලබා දීමට පියවර ගත් අතර විශේෂයෙන් සමුද්‍ර පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුළ යොදා ගන්නා නවීන විද්‍යාත්මක ක්‍රමවේද හා උපකරණ භාවිතයෙන් ගිලී ගිය නෞකා සම්බන්ධ ව අවශ්‍ය පර්යේෂණ සිදුකිරීමට අවධානය යොමු කරන ලෙස ද උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මූලිකත්වයෙන් සමුද්‍ර පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුළ ද මැතකාලීන ව ගවේෂණ කටයුතු රැසක් මේ වන විට සිදුකරමින් පවතියි.

මීට අමතරව මෙම ගවේෂණ වැඩසටහන යටතේ උනවටුන සංචාරක කලාපයට අයත් විශාල ගල්පර සහිත මුහුදු පත්ල පරීක්ෂා කිරීම, ඒ අවට ගිලී ගිය කුඩා යාත්‍රා ගවේෂණය කිරීම, Iron wreck 2 නම් නෞකාවේ තත්ත්ව පරීක්ෂණ කටයුතු ද සිදුකිරීමට අපේක්ෂිතයි.

මෙම සමුද්‍ර පුරාවිද්‍යා ගවේෂණ ව්‍යාපෘතිය සඳහා නෙදර්ලන්ත රජයේ සහයෝගය ද  මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ලැබෙන අතර මෙරට පළමු සමුද්‍ර පුරාවිද්‍යා කිමිදුම් කණ්ඩායමක් ද මීට සමගාමීව බිහි කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය මඟින් සිදුකරන ලද ගවේෂණ මගින් හමු වූ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් භාණ්ඩ හා උපකරණ රැසක් මේ වනවිට ගාල්ල කොටුවේ ස්ථාපිත කර ඇති මුහුදු පුරා විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ ආශ්‍රිත මුහුදේ තිබී ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළි වේ (PHOTOS)
කොළඹ ආශ්‍රිත මුහුදේ තිබී ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළි වේ (PHOTOS)
http://am.lk/media/k2/items/cache/630604753db9bdbbf1890b8261e51831_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/photos_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/photos_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy