වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතිරේක ලැයිස්තුවෙන් තරඟ කරන අපේක්ෂිකාවක් අතුරුදහන්වී ඇති බව ඇයගේ සැමියා වෙන්නප්පුව පො...
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතිරේක ලැයිස්තුවෙන් තරඟ කරන අපේක්ෂිකාවක් අතුරුදහන්වී ඇති බව ඇයගේ සැමියා වෙන්නප්පුව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
දෙදරු මවක් වන ඇය 38 හැවිරිදි කාන්තාවකි.
පසුගිය ජනවාරි මස 05 වැනිදා කිසියම් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් වී තිබේ.
ජනවාරි මස 08 වැනිදා දහවල් කාලයෙන් පසුව ඇය අතුරුදහන්වී ඇති බව සැමියා කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
තම බිරිද අතුරුදහන්වීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති සැමියාද වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන අයෙකි.
COMMENTS