කැබිනට් මණ්ඩල සංශෝධනයක් බදාදා (21) සිදුකෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. පවතින දේශපාලන ගැටලුව විසඳාගැනීමෙන් පසුව නව කැබි...
කැබිනට් මණ්ඩල සංශෝධනයක් බදාදා (21) සිදුකෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
පවතින දේශපාලන ගැටලුව විසඳාගැනීමෙන් පසුව නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රීයාත්මක වුවහොත් කැබිනට් සහ කැබිනට් නොවන ඇමතිවරුන්ගේ සංඛාවේ වෙනසක් සිඳු නොවන අතර ඇමතිවරුන්ගේ විෂය සංශෝධනයක් පමණක් සිඳුකෙරෙනු ඇතැයි වාර්තාවේ.
එහෙත් ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 30කට සීමාවී කැබිනට් නොවන අමාත්‍යධූර සංඛ්‍යාව45 ක් විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනයේ සඳහන් වේ.
මෛත්‍රී - රනිල් දීගය ඉදිරියටත්
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්ව ඉදිරියට කටයුතු කරනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දුර්වලතා හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම ඒකාබද්ධ විපක්ෂය සමග එක්වෙනු ඇති බවත් ඔහු පැවැසීය.
පසුගිය දින කිහිපයේදී පෙන්වූයේ බොරු රංගනයක් බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS