ඒකාබද්ද විපක්‍ෂය සමඟ එක්ව ආණ්ඩු කිරීමට දැඩි විරෝධී ස්ථාවරයක සිටි තමාගේ ස්ථාරයේ කිසිදු වෙනස්කමක් සිදුව නැතැයි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා...
ඒකාබද්ද විපක්‍ෂය සමඟ එක්ව ආණ්ඩු කිරීමට දැඩි විරෝධී ස්ථාවරයක සිටි තමාගේ ස්ථාරයේ කිසිදු වෙනස්කමක් සිදුව නැතැයි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියා සිටී.
එක්සත් ජාතික පක්‍ෂය හා අගමැති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් ඉවත් කර නව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා දරමින් සිටි ස්ථාවරය වෙනස් කර ඇති බවට ලංකා සී නිවුස් වෙබ් අඩවිය පලකර ඇති පුවත සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේය.
අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිවසට ගිය ජෝන් සෙනෙවිරත්න හා දයාසිරි ජයසේකර ඇතුළු ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් හා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති දක්‍ෂයෙක් බවත් ඔහුට තමන්ගේ අමනාපයක් නැති බව අමාත්‍යවරයා පැවසුවේ යැයි ලංකා සී නිවුස් වාර්තා කර තිබේ.
එසේම ඒකාබද්දයේ සෙසු පිරිස ගැන තමනට එතරම් පැහැදීමක් නැති බවත් තම පියාට රාජපක්‍ෂ යුගයේ සිදුව ඇති අසාධාරණය අමතක කළ නොහැකි බවත් ඔහු සදහන් කර ඇති බවද පැවසේ.
ශ්‍රී ලංකා මිරර් සමග දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ රාජපක්ෂලා සමඟ ආණ්ඩු හදා තම ප්‍රතිපත්තිය පවාදීමට සූදානම් නැති බවයි.
මීට පෙරද ඔහු මේ පිළිබඳව අදහස් දක්වමින් සිය කාර්ය මණ්ඩලයට දැනුම්දී තිබුණේ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වූයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත බවත්, බලය වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා නොදෙන බවත්ය.
එහිදී මහින්ද මහතාගේ ප්‍රතිපත්ති අදට ද වෙනස් වී නැති බවත්, එනිසා රෙදි ඇඳගෙන මහින්ද සමඟ තමාට හිටගත නොහැකි බවත්, ඔහු වැඩිදුරටත් පැවසීය.
තමා එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවද පවසා ඇති දුමින්ද මහතා, සිරිසේන මහතා තමාව ජනපති මන්දිරයෙන් එළවූ බවට වාර්තා පැතිර ඇති බවත්, තමා පසුගිය දිනවල සිටියේ තම නිවසේ බවත් ඔහු සිනා සෙමින් සිය කාර්ය මණ්ඩලයට පැවසූ බව එම කාර්යමණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
COMMENTS