පවතින දේශපාලන අර්බුද හමුවේ සතියේ අමාත්‍ය මණ්ඩලය අද (20) සුපුරුදු පරිදි රැස්ව ඇත. අද උදෑසන 10.00 ට ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපා...
පවතින දේශපාලන අර්බුද හමුවේ සතියේ අමාත්‍ය මණ්ඩලය අද (20) සුපුරුදු පරිදි රැස්ව ඇත.
අද උදෑසන 10.00 ට ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම ආරම්භ වූ බව වාර්තා වෙයි.
ඊට අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන ඇමතිවරුන් බොහෝ පිරිසක් ඊට සහභාගිවී තිබේ.
කෙසේ වෙතත් මෙම සතිය අවසන්වීමට පෙර කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පවතින දේශපාලන ගැටලුව විසඳාගැනීමෙන් පසුව නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
අදාළ කැබිනට් සංශෝධනයේදී ප්‍රධාන පෙළේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අමාත්‍යාංශ වෙනස් වනු ඇති බව ද වාර්තා වේ.
ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රීයාත්මක වුවහොත් කැබිනට් සහ කැබිනට් නොවන ඇමතිවරුන්ගේ සංඛ්‍යාවේ වෙනසක් සිඳු නොවන අතර ඇමතිවරුන්ගේ විෂය සංශෝධනයක් පමණක් සිඳුකෙරෙනු ඇතැයි වාර්තාවේ.
එහෙත් ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 30කට සීමාවී කැබිනට් නොවන අමාත්‍යධූර සංඛ්‍යාව45 ක් විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනයේ සඳහන් වේ.
COMMENTS