දියතලාව කහගොල්ල ප‍්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් තුළ අත්බෝම්බයක් පිපිරීමේ සිද්ධියෙන් අත්බෝම්බය රැගෙන ආ බව කියන යුද හමුදා සැරයන් මේජර්ගේ තත...
දියතලාව කහගොල්ල ප‍්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් තුළ අත්බෝම්බයක් පිපිරීමේ සිද්ධියෙන් අත්බෝම්බය රැගෙන ආ බව කියන යුද හමුදා සැරයන් මේජර්ගේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වෙමින් සිටින බවට පොලිස් ආරංචි මාර්ග කියයි.
තවත් දින කිහිපයකින් ඔහු සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමට නියමිත බවත් සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කර ගන්නා බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම සැරයන් මේජර් දැනට දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් පසුවේ.
මෙම අත් බෝම්බය කිසියම් ස්ථානය වළදා තිබු ඉතා පැරණි එකක් බවත් එය බිම වැටුණ සැනින් ආරක්ෂිත පින් එක ගැලවී පුපුරා ගියේ ඒ හේතුවෙන් බවට පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන පරීක්ෂණ වලට අමතරව යුද හමුදාව පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත් කර ඇත.
ඉකුත් 14 දින අලුයම සිදු වු මෙම සිද්ධියෙන් හමුදා සාමාජිකයින් 7 දෙනෙකු , ගුවන් හමුදා සාමාජිකයින් 5 දෙනෙක් ඇතුළු 19 දෙනෙකු ද තුවාල ලැබුහ.
බණ්ඩාරවෙල කොට්ඨාසය බාර පොලිස් අධිකාරි සුදත් මාරසිංහ මහතාගේ උපදෙස් මත මෙම පරීක්ෂණ පැවැත්වේ.
COMMENTS