දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යහපාලන ආණ්ඩුවේ වගකීම් විරහිත හා විනාශකාරී ණය ගැනීම
Homeදේශපාලන

යහපාලන ආණ්ඩුවේ වගකීම් විරහිත හා විනාශකාරී ණය ගැනීම

PropellerAds

යහපාලන ආණ්ඩුව මුලසිටම ණය ගැනීම් සම්බන්ධයෙන් අනුගමනය කර ඇත්තේ අතිශයින්ම වගකීම් විරහිත ක්‍රියා කලාපයකි. උදාහරණයක් වශයෙන් මගේ ආණ්ඩුව යටතේ ශ්...

මහවිලච්චියට කඩා පැන්න කුරු මිනිස්‌සු දෙදෙනෙක්‌ කාන්තාවන් දෙදෙනකු හූරලා; අඩි දෙකක්‌ උස ලොම් සහිත කළු මිනිසා මාව හූරලා කැළේට පැන්නා!
පාර්ලිමේන්තු ගෝරිය,මන්ත්‍රීන් 59කගේ නම් සභාගත කෙරේ; මිරිස්‌ කුඩු ගැසූ අයට නඩු,වැඩිම චෝදනා ජොන්ස්‌ටන්ට
රන්ජන් හෙලිකල කුඩු ගහන ඇමති ලැයිස්තුව මෙන්න.
යහපාලන ආණ්ඩුවේ වගකීම් විරහිත හා විනාශකාරී ණය ගැනීම

යහපාලන ආණ්ඩුව මුලසිටම ණය ගැනීම් සම්බන්ධයෙන් අනුගමනය කර ඇත්තේ අතිශයින්ම වගකීම් විරහිත ක්‍රියා කලාපයකි. උදාහරණයක් වශයෙන් මගේ ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරනු ලැබුවේ අවුරුද්දකට දෙවතාවකි. ලංකාව නිදහස ලැබූ දායින් පසු මෙරටේ ක්‍රියාත්මක වූ විශාලම සංවර්ධන ව්‍යාපෘති මධ්‍යයේ වුවත්, එමඟින් මගේ ආණ්ඩුව වසරකට ගනු ලැබූ සාමාන්‍ය ණය ප්‍රමාණය ඇ.ඩො. මිලියන 350 ඉක්මවූයේ නැත. නමුත් 2015 වසරේදී එවැනි කිසිඳු සංවර්ධන ව්‍යාපෘතියක් නොමැතිව, යහපාලන ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නව වතාවකදී නිකුත් කරන ලදී. 2016 දී හය වතාවකද, 2017 දී සිව් වතාවකද මේ බැඳුම්කර යහපාලන ආණ්ඩුව විසින් නිකුත් කර ඇති අතර පසුගිය වසර තුන ඇතුළත මේ මූලාශ්‍රයෙන් පමණක් ඇ.ඩො. බිලියන 7.7 ක් ණයට ගෙන ඇත.

එයට අමතරව පසුගිය වසර තුන ඇතුළත මේ ආණ්ඩුව සවරින් බොන්ඩ්, කරන්සි ස්වොප්, සින්ඩ්කේටඩ් ලෝන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වශයෙන් තවත් ඇ.ඩො. බිලියන 9ක් ණයට ගෙන ඇත. එවිට යහපාලන ආණ්ඩුව බලයට පැමැණි පසු ගත් විදේශ විනිමය ණය පමණක් ඇ.ඩො. බිලියන 16.7 ක් වේ. මේ කාල පරිච්ඡේදය තුළ ඔවුන් රුපියල් ණයද ට්‍රිලියන 6ක් වැනි ප්‍රමාණයක් ලබාගෙන ඇත. මේ ණය කන්දරාව තුළ වූ ඉන්දියානු කරන්සි ස්වොප් ණය, කෙටි කාලීන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, හා රුපියල් බැඳුම්කර හා බිල්පත් වලින් කොටසක් දැනටම ගෙවා නිමකර තිබුණද මේ ආණ්ඩුව බලයට පැමිණි මුල් වසරේ සිටම ණය ගැනීම, ණය ගෙවීම, හා ණය ගෙවීමට ණය ගැනීම යන එන්න එන්ම වේගවත් වන විෂම චක්‍රයකට හසු වී සිටී. මගේ ආණ්ඩුව අවසානයේදී, එනම් 2014 දෙසැම්බරයේදී 71% ක් වූ දල ජාතික නිශ්පාදිතයට සාපේක්‍ෂ ණය ප්‍රතිශතය, 2015 අවසන් වන විට මාස 12 ක් වැනි කෙටි කාලයක් ඇතුළත 81% දක්වා වැඩි වී තිබුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අංක 16/371 දරණ වාර්තාවේ සඳහන්ය. 2017 අවසන් වන විට මේ ප්‍රතිශතය 90% ට ආසන්න වෙන තරමට වැඩි වී ඇති බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ඇස්තමේන්තු කර ඇත.

යහපාලන ආණ්ඩුවේ මේ මහා පරිමාන ණය ගැනීම ආරම්භ වූයේ 2015 ජනාධිපතිවරණය ඔවුන් කුමන්ත්‍රණකාරී ලෙස ජයගත් පසු, එම වසරේ පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීම සඳහා ලබාදුන් විශේෂ දීමනා හා ඉන්ධන, ගෑස් හා වෙනත් පාරිබෝගික භාණ්ඩවල මිල අඩු කිරීම නිසා ආණ්ඩුවේ වියදම් පාලනය කරගත නොහැකි ලෙස වැඩි වීම හේතුවෙනි. මගේ ආණ්ඩුවෙන් නොයෙක් සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම සඳහා ලබාගත් ණය ගෙවීමට මේ ණය ගැනීමට සිදු වී තිබෙන බවට යහපාලන ආණ්ඩුව කීවත් එය සම්පූර්ණ මුසාවකි. මගේ ආණ්ඩුවෙන් ඉදිකරන ලද නොරොච්චෝලේ බලාගාරය, දක්‍ෂිණ අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හා මත්තල ගුවන්තොටුපල යන සියල්ල සඳහා වැය වූ මුළු වියදම ඇ.ඩො. බිලියන 3.9 ක් වත් වන්නේ නැත. එපමණක්ද නොව මේ සියලුම ණය ඉතා සහනදායි පොලියකට ගෙන තිබෙන දිගු කාලීන ණය නිසා ඒවා ගෙවීම කිසිසේත්ම ආර්ථිකයට බරක් නොවීය.

පසුගිය ජනවාරි 26 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවක් අමතමින් මගේ ආණ්ඩුව කාලයේ රුපියල් ට්‍රිලියන 10 ක ණය ගෙන තිබුණත් එයට අදාල වත්කම් ඇත්තේ රුපියල් ට්‍රිලියන 1.1 ක් පමණක් බවත්, ඉතිරි ට්‍රිලියන 9යට සිදු වූ දෙයක් නැති බව පවසා සිටියේය. ඉන්පසුව, පලාත් පාලන මැතිවරණයේ ඡන්ද ව්‍යාපාරය අවසන් වීමට නියමිතව තිබුණු පෙබරවාරි 7 වනදා විගණකාධිපතිවරයා එක්වරම මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ පසුගිය වසර 10 ඇතුළත ගෙන තිබෙන ණය රජයට අයත් වානිජ ව්‍යාපාර හා වෙනත් රජයේ ආයතන වලට බැර කිරීම වැනි උපක්‍රම තුළින් තැන් තැන්වල ‘සඟවා’ තිබීම හේතුවෙන් මේ වන විට ලංකාවේ සැබෑ ණය බර කුමක්දැයි කිසිවෙකුටත් කිව නොහැකි බවයි. ශ්‍රී ලංකාවේ වත්මන් ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 10 ක් වුවත්, ලේඛන වල සඳහන් වන්නේ රුපියල් ට්‍රිලියන 1.1 ක වත්කම් ප්‍රමාණයක් පමණක් බවත් ඔහුද කියා සිටියේය. ආණ්ඩුව පලාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේ අවසන් මොහොතේදී ඡන්ද ප්‍රතිඵලය වෙනස් කිරීම අරමුණු කරගෙන කුමක් හෝ උප්පරවැට්ටියක් යොදන බව සියලු දෙනාම දැනගෙන සිටයේය. මෙවර ඡන්ද දායකයා නොමඟ හැරීම ඉලක්ක කරගත් ඒ ‘ගුන්ඩුව’ ආවේ මේ ණය හා වත්කම් පිළිබඳ කතාව හරහාය.

අපේ ව්‍යවස්ථාවේ 154 වන වගන්තියෙන් විගණකාධිපතිවරයාට පවරා ඇති රාජකාරිය වන්නේ මධ්‍යම ආණ්ඩුවේ සියලුම ආයතනත්, සියලුම පලාත් සභාත්, සියලුම් පලාත් පාලන ආයතනත්, රජයට 50%කට වඩා කොටස් හිමිකාරිත්වයක් ඇති වානිජ ව්‍යාපාර සියල්ලමත් විගණනය කිරීමයි. එම නිසා මධ්‍යම ආණ්ඩුවට හා මේ එක් එක් ආයතන වලට ඇති ණය ප්‍රමාණය කුමක්දැයි තමන් නොදන්නා බව විගණකාධිපතිවරයාට කිසිසේත්ම කිව නොහැකිය. අපේ රටේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 10ක් වන අතර වත්කම් ඇත්තේ රුපියල් ට්‍රිලියන 1.1 ක් යැයි කීම ඊටත් වඩා නොමඟ යවන සුලු ප්‍රකාශයකි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ගිණුම් සකසනු ලබන්නේ ‘මොඩිෆයිඩ් කෑෂ් බේසිස්’ යන ගිණුම්කරන ක්‍රමයට අනුවය. මෙය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන විසින්ද පිලිගනු ලබයි. මේ ගිණුම්කරණ ක්‍රමය යටතේ ලැබීම් සහ ගෙවීම් ලේඛනගත කරන අතර ශේෂ පත්‍රය හෝ රාජ්‍යයක වත්කම් ගණනය කිරීම අවධාරණය කරන්නේ නැත. වත්කම් ගණනය කිරීම අවධාරණය කරන ‘අකෘවල්ස් අකවුන්ටින් සිස්ටම්’ යන ගිණුම්කරණ ක්‍රමය රාජ්‍ය ගිණුම් සැකසීමේදී අපේ රටේ භාවිතා වන්නේ නැත.

අද මේ රටේ ඉහළ තනතුරුවලට පත්වීම් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාවේ සිටින යහපාලනවාදීන් 10 දෙනාගේ නිර්දේශය මත යහපාලන ජනාධිපතිවරයා විසිනි. ඡන්දයක් අභිමුව විගණකාධිපතිවරයා ඒ ආකාරයට හැසිරුණේ මන්දැයි එයින් පැහැදිලි වෙනු ඇත. විගණකාධිපතිවරයා තමාගේ වගකීම් විරහිත ප්‍රකාශයෙන් එම තනතුරේ පසුගිය අවුරුදු 10 මුළුල්ලේම සිටි විගණකාධිපතිවරුන්ගේ විගණන ජනතාව ඉදිරියේ හෙලා දැක ඇත. ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවට වහාම ක්‍රියාත්මක වී, විගණකාධිපතිවරයාගේ ප්‍රකාශය සාවද්‍ය බවත්, ලංකාවේ ණය ඉතා නිවැරදිව ලේඛනගත වී ඇති බවත්, මේ ණය කලට වෙලාවට ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සුපිරිසිදු වාර්ථාවක් තිබෙන බවත් පෙන්වා දෙමින් මූල්‍ය වෙළඳපල අස්ථාවරවීම වැලැක්වීමට කටයුතු කිරීමට සිදුවිය.

යහපාලන ආණ්ඩුව ඔවුන්ගේ ණය ගැනීමේ වියරුව තවත් ඉහල අඩියකට ගෙනයාම සඳහා මෙකී ‘සක්‍රීය බැරකම් කළමණාකරනය කිරීමේ’ පනත් කෙටුම්පත ඉදිරිපත් කොට තිබෙන්නේ මේ සියලුම විකාර ස්වරූපී සිදුවීම් මධ්‍යයේය. මේ යෝජිත නීතියෙන්, පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ බලතලවලටත්, රාජ්‍ය ණය කළමණාකරනය සම්බන්ධයෙන් මහ බැංකුවට ඇති බලතලවලටත්, බරපතල අභියෝග එල්ල වෙන බවත්, මේ නීතිය යටතේ ණයට ගන්නා මුදල් භාවිතා කිරීම සම්බන්ධයෙන් විධායකයට කිසිදු නීතිමය සීමාවකින් තොරව බලය ලැබෙන බවටත් කරුණු දක්වමින් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට ඇත.

මේ නීතිය යටතේ ණයට ගන්නා මුදල් භාවිතා කරන ආකාරය ගැන විෂය භාර ඇමතිවරයා ගන්නා තීරණ, මාස තුනක් ඇතුලත නීති ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම ප්‍රතික්‍ෂේප කළත්, අදාළ තීන්දුව ගැනීමත්, පාර්ලිමේන්තුව විසින් එය ප්‍රතික්‍ෂේප කිරීමත් යන කාලය අතර සිදුකෙරෙන සියලු ක්‍රියාවන් නීත්‍යානුකූල වෙන බවට මේ යෝජිත පනතේ වගන්තියක් ඇත. එපමණක්ද නොව, යෝජිත නිතිය යටතේ ගන්නා ණය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්, (සද්භාවය ඔප්පු කිරීමේ කොන්දේසියට යටත්ව) සිවිල් හා අපරාධ වගකීම්වලින් සම්පූර්ණයෙන්ම මුක්ත කර තිබේ.

මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී දැනටමත් සිදු වී ඇති අක්‍රමකතා නිසා, ඉහත දැක් වූ ආකාරයේ විධිවිධානවලින් ඇතිවිය හැකි භයානක ආනිසංස ගැන අමුතුවෙන් කිව යුතු නැත. එමනිසා ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් මේ යෝජිත ‘සක්‍රීය බැරකම් කළමණාකරනය කිරීමේ’ නීතියට එකහෙළාම එරෙහි විය යුතුය.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29421,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යහපාලන ආණ්ඩුවේ වගකීම් විරහිත හා විනාශකාරී ණය ගැනීම
යහපාලන ආණ්ඩුවේ වගකීම් විරහිත හා විනාශකාරී ණය ගැනීම
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/601fa91aa5b80e894c100b60799904f1_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_768.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_768.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy