රටේ පවතින දේශපාලන, ආර්ථික අර්බුදයට කැබිනට් සංශෝධනය කිසිදු පිළියමක් නොවන බව මෙගාපොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ජනතා අභිලාෂයන්...
රටේ පවතින දේශපාලන, ආර්ථික අර්බුදයට කැබිනට් සංශෝධනය කිසිදු පිළියමක් නොවන බව මෙගාපොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ජනතා අභිලාෂයන් මුදුන්පත් කරන ක්‍රියාකාරී සැලැස්මක් අවශ්‍ය බවයි ඇමතිවරයා අවධාරණය කරන්නේ.
ජාතික හෙළ උරුමය අද (26) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
2015 ජනවාරි මාසයේදී වෙනසක් වෙනුවෙන් ලබාදුන් ජනවරමට අනුව යහපාලනය ගොඩනැගීම සඳහා කටයුතු කළයුතු බවත් සිදු වූ අඩුපාඩු මගහරවාගෙන ඉදිරි කාලය තුළදී හෝ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම වැදගත් වන බවයි රණවක මහතා පවසන්නේ.
ඉදිරි මාස තුන තුළදී ජනතා ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය වන ක්‍රියාකාරී සැළැස්මක් සකස් කළයුතු බවත් එය ඉදිරි මාස 18 ක කාලය තුළ සාර්ථක කරගැනීමට කටයුතු කළයුතු බවත් ජාතික හෙළ උරුමය අවධාරණය කරයි.
COMMENTS