නීතිය හා සාමය අමාත්‍යධුරය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත්කර ඇත්තේ කෙටි කාලයකට බව රජයේ ආරංචි මාර්ග පවසයි. ඊයේ (25) සිදුකළ කැබිනට් ම...
නීතිය හා සාමය අමාත්‍යධුරය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත්කර ඇත්තේ කෙටි කාලයකට බව රජයේ ආරංචි මාර්ග පවසයි.
ඊයේ (25) සිදුකළ කැබිනට් මණ්ඩල සංශෝධනයේදි නීතිය හා සාමය විෂය අගමැතිවරයා යටතට පත් කරනු ලැබීය.
මීට පෙර නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතා යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.
කෙසේ වෙතත් ඉදිරියේදී සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදි අගමැතිවරයාගෙන් නීතිය හා සාමය අමාත්‍යධුරය ඉවත්කිරීමට නියමිත බව වාර්තා වේ.
නීතිය හා සාමය අගමැතිවරයාගේ පාර්ශ්වයේම තබා ගැනීමට නියමිතය.
කෙසේ වෙතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එම අමාත්‍යධුරය තමන් යටතට පත්කර ගැනීමේ උත්සාහයක නිරත වූ බව වාර්තා වේ.
COMMENTS