විදුහල්පතිවරුන් සඳහා පැවැත්වෙන නායකත්ව පුහුණු වැඩසටහනකදී විදුහල්පතිවරියක් මිය යෑම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ අවසන් වන තෙක් විදුහල්පතිවරුන් ...
විදුහල්පතිවරුන් සඳහා පැවැත්වෙන නායකත්ව පුහුණු වැඩසටහනකදී විදුහල්පතිවරියක් මිය යෑම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ අවසන් වන තෙක් විදුහල්පතිවරුන් සඳහා පැවැත්වෙන නායකත්ව පුහුණු වැඩසටහන අත්හිටුවීමට අධ්‍යපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ අනුව විදුහල්පතිවරුන් සඳහා ලබා දෙන නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුර හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය මිය යෑම සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති අතර ඒ අනුව මෙම පියවර ගෙන තිබේ.
හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය පසුගියදා කුරුණෑගල වාරියපොළ, වයඹ නායකත්ව පුහුණු කඳවුරේදී පැවති පුහුණු වැඩසටහනක් අතරතුර අනතුරකට ලක්වීමෙන් අනතුරුව රෝහල්ගත කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්විය.
අනතුරින් මියගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මීට පෙරද මෙවැනි නායකත්ව පුහුණු වැඩසටහන් දෙකක් සඳහා සහභාගී වී ඇති අතර කැඩෙට් නිලධාරිනියක් ලෙසද කටයුතු කර ඇත.
විදුහල්පතිවරුන්ගේ පෞරුෂ සංවර්ධන හා නායකත්ව ගුණාංග ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබිණි.
COMMENTS