2015 ජනවාරි 8 වෙනිදා සිදු වු දේශපාලන පෙරලියේ කථානායක තමන් නිසා බවත් ඒ ගැන සියල්ලම දන්නේ තමන් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. ...
2015 ජනවාරි 8 වෙනිදා සිදු වු දේශපාලන පෙරලියේ කථානායක තමන් නිසා බවත් ඒ ගැන සියල්ලම දන්නේ තමන් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පසුගියදා දෙරණ රූපවාහිනියේ පැවති 360 වැඩසටහනේදීය.
තමන් ඒ සම්බන්ධයෙන් පොතක් ලිවීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් මෙතෙක් ඒ ගැන ලියැවී ඇති කිසිදු පොතක සත්‍ය කතාව නැතැයිද ජනාධිපතිවරයා කියා සිටියේය.
එහිදී ජනාධිපතිවරයා මෙසේ අදහස් දැක්වීය.
“පෙරලිය ගැන මේ දක්වා ලියලා තියෙන පොත් තියෙනවා නේද? ඔය එක පොතකවත් හැබෑ දේ හරියට ලියලා නැහැ. මේකේ නියම කථානායකයා මම තමයි. මම තමයි ඔක්කොම දන්නේ. සැබෑ නිවැරදි දේ තව මාස තුනකින් විතර එළියට එනවා මම පොතක් නිකුත් කළාම. සමහර අය ලියපු පොත් කියවද්දී මට හිතෙනවා මෙච්චර බොරු ලියලා තියෙන්නේ ඇයි? අඩු වශයෙන් මගෙන් අහලවත් ලියන්න ඕනේ කියලා. පත්තරවලට සමහර අය දෙනවා මෙහෙමයි මේ පෙරලිය වෙලා තියෙන්නේ. ඒවායේ භාගයක් බොරු තියෙන්නේ. ඒක නිසා තමයි මම තීන්දු කළේ දැන් අවුරුද්දක් විතර වෙනවා පොත ලියන්න පටන් අරගෙන, තව මාස තුනකින් විතර ඒක එළිදක්වන්න පුළුවන් වෙනවා.”
COMMENTS