දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල්ට අගමැතිකම රැකදෙන්න සිරස දැඩි සටනක.
Homeගොසිප්

රනිල්ට අගමැතිකම රැකදෙන්න සිරස දැඩි සටනක.

PropellerAds

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව ජනතාව විසින් ලබා දී ඇති පණිවිඩය එක් එක් පාර්ශව විග්‍රහ කරන්නේ එක් එක් ආකාරයට ය. ඒ අතරින් සමහරුන්ගේ මත...

ජාතික අාණ්ඩුව දිගටම - අගමැති සහ මහින්ද දැනුම් දෙයි.
සිංගප්පූරුව අයවැය අතිරික්තයෙන් ජනතාවට බෝනස් දෙයි.
කැබිනට් සංශෝධනය කල්යන හේතුව මෙන්න.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව ජනතාව විසින් ලබා දී ඇති පණිවිඩය එක් එක් පාර්ශව විග්‍රහ කරන්නේ එක් එක් ආකාරයට ය. ඒ අතරින් සමහරුන්ගේ මතය වී ඇත්තේ ඡන්ද ප්‍රතිඵලය අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය තනතුරින් ඉවත් විය යුතුය යන්න ය. ඒ මතය දරන්නන්ගේ ප්‍රබලතම ප්‍රකාශකයා වී ඇත්තේ සිරස මාධ්‍ය ජාලයයි. ඡන්ද ප්‍රතිඵලයෙන් අනතුරුව දිගින් දිගටම දකින්නට ලැබුණේ සිරස රනිල් වික්‍රමසිංහට දිගින් දිගට ම පහර දෙන ආකාරයයි. නැතහොත් සිරස රනිල්ගේ පතුරු අරින ආකාරයයි.

එහෙත් සිරසේ ක්‍රියාදාමය හරහා රනිල් එළවීමට හැකි වනු ඇතිද ?

පසුගිය දිනෙක සිරස නරඹන්නන්ට දැක ගත හැකි වූයේ රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරය හැර යන ආකාරය සජීවීව පෙන්වීම සඳහා සිරස වළිකන ආකාරයකි. සිරස අරලියගහ මන්දිරය වටා කැමරා මානාගෙන බලා සිටියේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා බඩුමුට්ටු පොදි බැඳගෙන මෛත්‍රී වික්‍රමසිංහ මැතිනියත් පෙරටු කරගෙන අරලියගහ මන්දිරයෙන් නික්මෙන ආකාරය ප්‍රචාරය කරන්නටය. එහෙත් සිරසේ බලාපොරොත්තුව ඉටු වුණේ නැත.

රනිල් වික්‍රමසිංහ යනු පහර පිට පහර වැදුණ ද වැටෙන පුද්ගලයකු නොවේ. ඉතිහාසයේ ඔහු මීට වඩා පහර කෑමට ලක් වූ අවස්ථා තිබේ. මෙවර ද මැතිවරණයට පෙර සිට ම ජනාධිපතිවරයා පවා ඔහු ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කළ නමුදු ඔහු ඊට පිළිතුරු දෙන්නට ගියේ නැත.

"මම හොඳට තෙම්පරාදු වෙච්චි මිනිහෙක්" යැයි ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ය. ඒ, ඔහුට එරෙහිව දෝශාභියෝගය එල්ල වූ අවස්ථාවේදීය. ප්‍රේමදාස තෙම්පරාදු වූ මිනිසෙක් නම් රනිල් යනු ඊටත් වඩා තෙම්පරාදු වූ මිනිසෙකි. ප්‍රේමදාස 25%ක් තෙම්පරාදු වී ඇත්නම් රනිල් 75%ක් මේ දේශපාලනයෙන් තෙම්පරාදු වී සිටී.

ලංකාවේ ජන මානසිකත්වය හැසිරෙන ආකාරය හොඳින් ම අවබෝධ කරගත් පුද්ගලයන් දෙදෙනෙක් අපට හමුවෙයි. ඉන් පළමුවැන්නා වේලුපිල්ලේ ප්‍රභාකරන් ය. අවසානය කෙසේවුව ද තනි පුද්ගලයකුගේ සිට ලෝකයම හෙල්ලූ සංවිධානයක් ගොඩ නැඟීම දක්වා ඔහුට ව්‍යාප්ත වීමට හැකි වුණේ ඔහු ලාංකේය ජන මානසිකත්වය හැසිරෙන ආකාරය මනාව අවබෝධ කරගත් නිසාය. දෙවැන්නා රනිල් වික්‍රමසිංහ ය. මෙතරම් පරාජයන් හමුවේත් නොසැළී හිඳින්නට, ඉදිරියට යන්නට ඔහුට හැකියාව ලැබී ඇත්තේ ඔහු ජන මානසිකත්වය හැසිරෙන ආකාරය හඳුනාගෙන සිටින නිසාය. ඔහු දැන් කරන්නේ කාලයට ඉඩ දීමය.

මේ මොහොත යනු ලංකාවේ සිංහල බෞද්ධ බලවේගය ඉහළින් ම ක්‍රියාකාරී වී ඇති මොහොතකි. රනිල් වික්‍රමසිංහ මුහුණ දී සිටින්නේ එයට ය. ඉදිරි වසර දෙකක කාලය තුළ ඔහු අසාර්ථක වන්නටත් පුළුවන. එහෙත් දැන් නොවේ.

එවන් වටපිටාවක රනිල්ට උදව්වට පැමිණ සිටින්නේ ඔහුගේ පාසැලේ ම ඉගෙන ගත් කිලී මහාරාජා ය. කිලී මහාරාජා ප්‍රමුඛ සිරස සිතා සිටින්නේ තමන් රනිල් වික්‍රමසිංහව එළවන්නට තැත් කරන බවය. එහෙත් මේ හරහා වන්නේ රනිල් වික්‍රමසිංහ තව තවත් ස්ථාවර වීමය. සිරස සිය ක්‍රියාවෙන් රටට කියාපාමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ යනු රටට කොතරම් බලපෑමක් කළ හැකි තීරණාත්මක චරිතයක් ද යන්න ය. සිරස වැනි විශාල මාධ්‍ය ජාලයක න්‍යායපත්‍රයට මෙතරම් බලපෑමක් කරන්නට තරම් සිය නායකයා කොතරම් ප්‍රබල චරිතයක් ද යන්න පිළිබඳව ය. රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන භාවිතාව පිළිබඳ සියුම් නිරීක්ෂණයක් නොමැති සාමාන්‍ය ප්‍රේක්ෂකයාට පවා මේ නිසා රනිල් වික්‍රමසිංහගේ දැවැන්තභාවය පර්වතයක් සේ පෙනෙන්නට පටන් ගනියි. සිරස විසින් පැහැදිලි ලෙසම, ලාංකීය දේශපාලනයේ මහ පොදු සාධකය බවට රනිල් වික්‍රමසිංහ මහතා ව නැවතත් ඔසවා තබා තිබේ.

මේ නිසා සිරසේ දැඩි පහර දීම හමුවේ තමන් විසින් සිය නායකයා රැකගත යුතු යැයි එක්සත් ජාතික පාක්ෂිකයාට වඩ වඩාත් දැනෙමින් තිබේ. මේ අතර නායකත්වයේ වෙනසක් ගැන සිතන එක්සත් ජාතික පාක්ෂිකයාට පවා දැඩි ලෙසම සිතෙන්නේ සිරසේ නාඩගම ඉදිරියේ සිතෙන්නේ සිරසට වුවමනා ආකාරයට තමන්ගේ පක්ෂය තීන්දු නොගත යුතු බවය. එපමණක් නොව සිරසට දිවා රෑ නැතිව සජීව විකාශ කරන්නට තරම් බලපෑම් සහගත වාතාවරණයක් සිය නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇති කර තිබෙන බව ය. එහෙයින් සිරසේ නැටුමෙන් අවසානයේ ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහට උදව්වකි.

එනිසා මේ මොහොත් අප කළ යුතු වන්නේ සිරසේ අවලස්සන මාධ්‍ය සම්ප්‍රදායට බැණ වැදීම හෝ ඔවුන්ගේ නොඉවසිලිමත් අසංවරකමට දොස් කීම නොව, රනිල් වික්‍රමසිංහ මහතාගේ දෑත ශක්තිමත් කිරීම වෙනුවෙන් ඔවුන්ට ස්තූතිවන්ත වීම ය!

දේශපාලනය කියවීමේදී ඇහැට පෙනෙන දේ පමණක් නොව එහි විරුද්ධාභාසය (paradox) ද කියවීමට හුරු විය යුතුය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල්ට අගමැතිකම රැකදෙන්න සිරස දැඩි සටනක.
රනිල්ට අගමැතිකම රැකදෙන්න සිරස දැඩි සටනක.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0nHdNDBe6ZOcLWfIvF9qIR-I9ISv3UkjqeC9PVrPF8u2eyodjF2sDUfYnhUrbDoGSYhg7IxGXNxTUwfzvuojnJBIevlxgXsh__7mtV__O5cYa_APsN6qZ1TyWuPxzJ_0L-zi9P_DzMD-I/s1600/sirasa-ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0nHdNDBe6ZOcLWfIvF9qIR-I9ISv3UkjqeC9PVrPF8u2eyodjF2sDUfYnhUrbDoGSYhg7IxGXNxTUwfzvuojnJBIevlxgXsh__7mtV__O5cYa_APsN6qZ1TyWuPxzJ_0L-zi9P_DzMD-I/s72-c/sirasa-ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_570.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_570.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy