දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසමෙන් වෙන්න යන්නේ මොකද්ද?
Homeගොසිප්

ශ්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසමෙන් වෙන්න යන්නේ මොකද්ද?

PropellerAds

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවයේ සිදුව ඇති බරපතල මුල්‍ය අක්‍රමිකතා සොයන ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතු පෙබරවාරි මස අග ...

බිරිය යනතුරු සිට දුවට අතවර කළ නීති පීඨයේ කථිකාචාර්යවරයා රිමාන්ඩ්
ගංවතුර මැද තිස්සමහාරාමයේ මැණික් ඉල්ලමක් පෑදිලා ආපදා ප්‍රශ්න - ආධාර අමතක කර විශාල පිරිස් මැණික් හොයන්න ඇවිත්
යූ ටියුබ් වලින් සල්ලි හොයන අය මාව මැරුවා - ශිහාන් මිහිරංග

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවයේ සිදුව ඇති බරපතල මුල්‍ය අක්‍රමිකතා සොයන ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතු පෙබරවාරි මස අග භාගයේ ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින ආකාරයට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ මිහින් ලංකා ගුවන් සේවයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ඇතුළු හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සහ හිතවතුන් රැසක් කොමිසමේ විමර්ශන කටයුතු ආරම්භයේදීම කැඳවීමට නියමිතව ඇත.

ගෝඨා සහ හිටපු ගුවන් හමුදාපතිත් ලයිස්තුවේ

එසේම සජින් ද වාස් ගුණවර්ධනට අමතරව මිහින් ලංකා ගුවන් සේවයේ අනෙක් ආරම්භක අධ්‍යක්ෂවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති රොෂාන් ගුණතිලකද මෙම පළමු වටයේ විමර්ශනවල සාක්ෂි සඳහා කැඳවීමට අපේක්ෂිතව ඇත.

ඊට ආසන්නතම හේතුව ලෙස සැලකෙන්නේ 2006 වසරේ ඔක්තෝබර් 07 වනදා මෙම සමගම මෙම ගුවන් සේවය ව්‍යවස්ථාපිත සමාගමක් ලෙස ඇරඹුණු නමුත් ඊට අදාළ නියමිත කැබිනට් අනුමැතිය හා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය ලබාගෙන නොතිබීමය.

එසේම මුල්ම ගුවන්යානා මිලදී ගැනීමේදී නියමිත ටෙන්ඩර් පටිපාටියකට අනුව සිදුව නොමැති බව සම්බන්ධවද කොමිසම විමර්ශනය කරනු ඇති බව වාර්තා වෙයි.

ශිරන්ති , නාමල් සහ යෝෂිත දෙවැනි වටයේ මුල -

පසුගිය රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳගේ සොයුරා වන නිශාන්ත වික්‍රමසිංහය. එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවය තුළ සිදුවූ බොහෝ සිදුවීම් සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මියද මැදිහත්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බව ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
ඒ අනුව කොමිසමේ විමර්ශන වලදී සාක්ෂි හරහා අනාවරණය කරගනු ලබන කරුණු හරහා එම මහත්මියවද කොමිසම හමුවට කැඳවීමට වැඩි ඉඩකඩක් ඇති බව වැඩිදුරටත් දැනගන්නට ඇත.

එසේම මේ වන විටත් නිකුත් කර ඇති වැලිඅමුණ වාර්තාවේ දැක්වෙන කරුණක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද කොමිසම හමුවට කැඳවීමට නියමිතව ඇත. ඒ නාමල් රාජපක්ෂගේ දේශපාලන කටයුතු සඳහා ශ්‍රී ලන්කන් ගුවන්සේවිකාවක් ගුවන් සමාගමේ වැටුප් මත මුදා හැර තිබීමය.

අප ආරංචි මාර්ග වැලිඅමුණ වාර්තාව උපුටා දක්වමින් පෙන්වා දෙන ආකාරයට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ගේ ඉල්ලීමක් මත මෙම ගුවන් සේවිකාව නිදහස් කර ඇත. එසේම එහිදී එම ගුවන් සේවිකාව ගුවන් යානය තුළ සිදු කරන කටයුතු සඳහා දෙන දීමනා ඇතුළුව රුපියල් මිලියන 4.2 කට වැඩි මුදලක් නියමිත වැටුපට අමතරව ඇයට ගෙවා තිබේ.

එසේම හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ සඳහා ලන්ඩනයේ සිට මෝටර් රථ අමතර කොටස් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඔස්සේ යැවීමට කටයුතු කිරීම සම්බන්ධව යෝෂිත රාජපක්ෂ මහතාද කොමිසම හමුවට කැඳවීමේ ඉඩක් පවතී.

 නිශාන්ත වික්‍රමසිංහ අවධානමේ

එසේම දුෂණ සහ අක්‍රමිකතා වෙනුවෙන් හිටපු ආයතන ප්‍රධානියා වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහෝදරයා වන නිශාන්ත වික්‍රමසිංහට එරෙහිව බරපතල චෝදනා ඇති බවත් ඒ මත අපරාධ චෝදනා ලැබීමට වැඩි ඉඩක් ඇති බවද ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

වැලිඅමුණ වාර්තාව මගින් ඒ බව යෝජනා කර තිබූ බව පෙන්වාදෙන අප ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ වැලිඅමුණ වාර්තාව පදනම් කරගනිමින් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයේද එවැන්නක් සඳහන්ව තිබූ බවය.

ඒ අනුව වැලිඅමුණ වාර්තාවේ සඳහන් වන ආකාරයට ශ්‍රී ලන්කන් ආයතන ප්‍රධානී වික්‍රමසිංහ සඳහා අතිසුඛෝපභෝගී මෝටර් රථයක් ලබාගැනීම සඳහා එවකට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන යොදවා කූට ලේඛන සකසා ඇත.

එසේම මෙම රථය ඔහු ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ ඒ වන විටත් නිශාන්ත වික්‍රමසිංහ වෙත නිකුත් කර තිබූ සුඛෝපභෝගී බෙන්ස් රථයට සහ අධි සුඛෝපභෝගී ප්‍රාඩෝ රථයට අමතරවය.

තවද “ශ්‍රී ලංකන් එයාර්ලයින් බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්” නමින් නව තනතුරක් නිර්මාණය කර නිශාන්ත වික්‍රමසිංහ ගේ හිතවත් ගුවන් සේවිකාවන්ට ලබා දී ඇති බවද වැලිඅමුණ වාර්තාවේ සඳහන් වන අතර ජනාධිපති කොමිසම හමුවේ මෙම කරුණුද විමර්ශනයට ලක්වනු ඇති බව වාර්තා වී ඇත.

ගුවන් සේවක පත්වීමේ ගැටළු

මීට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සමගම සඳහා සේවක බඳවා ගැනීම් සිදුකිරීමේදී බඳවා ගැනීමේ විභාගය නොකඩවා කිහිප වතාවක් ම අසමත් වූ කිහිප දෙනෙකු ම කළමනාකරුවන්ගෙන් ලැබුණු වාචික ඉල්ලීම් මත බඳවා ගෙන ඇති බවත් ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් කටයුතු කළ චන්ද්‍රසේන ඔහු දරු නිලය සඳහා සුදුසුකම් තිබූ අයෙක් නොවන බවත් දැනටම සාක්ෂි සහිතව වැලිඅමුණ වාර්තාවේ සඳහන් බව පැවසේ.

ජනාධිපති කොමිසමේ ගැසට් පත්‍රයට ජනාධිපතිගේ අත්සන යොදයි

මී ට අමතරව නීති විරෝධී ලෙස පුද්ගලයන් විදේශ වලට රැගෙන යාම, ශ්‍රී ලන්කන් කාර්යමණ්ඩලයේ මැදිහත්වීමක් සහ ගුවන් ආරක්ෂාව පිලිබඳ කිසිදු පළපුරුද්දක් නැති විශ්‍රාමික මේජර් ජෙනරාල් වරයෙක් රුපියල් හාර ලක්ෂ පනස් දහසක වැටුපකට බඳවාගෙන තිබීම, ඇතුළු චෝදනා රැසක් සම්බන්ධව කොමිසම විමර්ශනය කරනු ඇති බව දැනගන්නට ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, සී\ස ශ්‍රී ලංකන් කේටරිං සමාගම සහ මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ මහා පරිමාණ මුල්‍ය වංචා සොයාබැලීමේ විශේෂ ජනාධිපති කොමිසම පත්කිරීමට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා පෙබරවාරි 02 වනදා අත්සන් කරනු ලැබූ අතර ඊට අදාළ මාධ්‍ය නිවේදනයක්ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර තිබිණ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර ඇති නිවේදනයට අනුව පෙබරවාරි 02 වනදා ජනාධිපතිවරයා එම ගැසට් නිවේදනයට අත්සන් තබා ඇති අතර ඒ අනුව 2006 ජනවාරි මස 01 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා වූ කාල පරිච්ජේදය තුළ මෙම ආයතන තුළ සිදුවූ මුල්‍ය අක්‍රමිකතා සොයා බැලීමට මෙම කොමිසම කටයුතු කිරීමට නියමිතව ඇත.

කොමිසමේ සාමාජිකයන් මෙන්න

මෙම කොමිසමේ සාමාජිකයින් ලෙස ජනාධිපතිවරයා නම් කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ‍්‍රාමලත් විනිශ්චයකාර අනිල් ගුණරත්න, අභියාචනාධිකරණයේ විනිශ්චයකාර ඇතාඋඩ ආරච්චිගේ ගාමිණි රෝහන් අමරසේකර, මහාධිකරණයේ විශ‍්‍රාමලත් විනිශ්චයකාර පියසේන රණසිංහ, විශ‍්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති මල්ලවආරච්චිගේ දොන් ඇන්තනි හැරල්ඞ්, ශ‍්‍රී ලංකා ගිණුම් හා විගණන ප‍්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් වසන්තා ජයසීලි කපුගම යන මහත්ම මහත්මීන්ය.

කොමිසමේ වගකීම මෙන්න

ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයට අනුව මෙම ජනාධිපති කොමිසම විසින් අදාළ සමාගම්වල සිදුවූ පහත අක‍්‍රමිකතා පිළිබඳ සොයා බලනු ඇත.

01- මහා භාණ්ඩාගාරය, ලංකා බැංකුව, මහජන බැංකුව සහ යම් වෙනත් මූල්‍ය ආයතනයක් හෝ ආස්ථිත්‍යයක් විසින් මුල්‍ය සම්පත් යෙදවීම ඇතුළුව කොටස් ප‍්‍රාග්ධනය සහ ණය ගැනීමේ මාර්ගයෙන් අරමුදල් යෙදවීමේ සහ එබදු අරමුදල් ආයෝජනය කිරීම,

02- මිහින් ලංකා සමාගම ස්ථාපිත කරලීම, මෙහෙයුම් සහ නිමාකරලීම,

03- ශී‍්‍ර ලංකන් එයාර්ලයින්ස් සමාගම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස් එයාර්ලයින්ස් සමාගම අතර එළඹී ගිවිසුම අවසන් කරලීම, සහ ඊට හේතුන් සහ එහි සංකීර්ණ ප‍්‍රතිඵල

04- ගුවන් යානා සහ යම් වෙනත් වත්කකම් මිලදී ගැනීම, විකිණිම, බදුදීම, විකිණිම සහ ආපසු බද්දට ගැනීම, පැවරුම, හුවමාරුව, මුදාහැරීම සහ බැහැර කිරීමට අදාළ ගිවිසුම් වලට එළඹීම, දීර්ඝ කිරිම, සහ අවලංගු කරලීම

05- වටිනාකම රු මිලියන 50 ඉක්මවන ගුවන්යානා සහ යම් වෙනත් වත්කම් මිලදී ගැනීම, විකිණිම, බදුදීම, විකිණීම හා ආපසු බද්දට ගැනීම, පැවරුම, හුවමාරුව, මුදාහැරීම සහ බැහැර කිරීම ඇතුළුව භාණ්ඩ හා සේවාවන් ප‍්‍රසම්පාදනය සහ ගුවන් යානා සමූහය නැවත පිහිටුවීම

06- භාණ්ඩ, සේවා හෝ යම් වෙනත් කර්තව්‍යයක් සැපයීම සඳහා අනුයෝජිතයින්, තැරැව්කරුවන්, උපදේශකවරුන්, සමාගම් සහ යම් වෙනත් පුද්ගලයෙකු හෝ ආස්ථිත්‍යයක් බඳවාගැනීම සහ පත්කරලීම

07- අනෙකුත් රටවල්හි මාර්ග ජාලය සහ කාර්යාල විවෘත කරලීම, නඩත්තුව සහ අත්හිටුවාලීම

08- ශ‍්‍රී ලංකන් එයාලයින්ස්, ශී‍්‍ර ලංකන් කේටරිං සහ මිහින් ලංකා යන සමාගම් අතර ගණුදෙනු

09- බඳවාගැනීම , පත්කරලීම, පාරිශ‍්‍රමිකය, උසස් කිරීම, ස්ථාන මාරුව, සේවක අපවර්තනය සහ විශ‍්‍රාම ගැන්වීම, අධ්‍යක්ෂ මණ්ඩලය, ප‍්‍රධාන විධායක නිලධාරින්, සභාපතිවරු සහ සෙසු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය පත් කරලීම ඇතුළුව මානව සම්පත් කළමනාකරණය

10- මූල්‍ය වාර්තාකරණය, ආදළ ගිණුම්කරණ සහ විගණන ප‍්‍රමිතීන්ට අනුකුලව කි‍්‍රයා කිරීම, සහ මූල්‍ය සහ මෙහෙයුම් කාර්ය සාධනය සහ තත්ත්වය

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29328,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසමෙන් වෙන්න යන්නේ මොකද්ද?
ශ්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසමෙන් වෙන්න යන්නේ මොකද්ද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiXtfNntmO-iilLnjRSI6u9ed_mEvwh3uVO4YZ_vs6NzUfzvfhDk8oo3mmA1VjCBLjgU6vIHTxPkGVQZianX9rAKbxtzx9XqHrCzzPlWGB9ebwItJAbQqGcNrOQKSz7xdgjpJrAMQ49b_Q9/s1600/%25E0%25B7%2580%25E0%25B6%25BA%25E0%25B7%2583+35+%25E0%25B6%25AF%25E0%25B7%2593+%25E0%25B7%2581%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BB%25E0%25B7%2593+%25E0%25B6%25BD%25E0%25B6%2582%25E0%25B6%259A%25E0%25B6%25B1%25E0%25B7%258A+%25E0%25B6%25B4%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25B1+%25E0%25B6%2585%25E0%25B7%2585%25E0%25B7%2594%25E0%25B6%25AD%25E0%25B7%258A+%25E0%25B6%25B4%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B6%25B8..jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiXtfNntmO-iilLnjRSI6u9ed_mEvwh3uVO4YZ_vs6NzUfzvfhDk8oo3mmA1VjCBLjgU6vIHTxPkGVQZianX9rAKbxtzx9XqHrCzzPlWGB9ebwItJAbQqGcNrOQKSz7xdgjpJrAMQ49b_Q9/s72-c/%25E0%25B7%2580%25E0%25B6%25BA%25E0%25B7%2583+35+%25E0%25B6%25AF%25E0%25B7%2593+%25E0%25B7%2581%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BB%25E0%25B7%2593+%25E0%25B6%25BD%25E0%25B6%2582%25E0%25B6%259A%25E0%25B6%25B1%25E0%25B7%258A+%25E0%25B6%25B4%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25B1+%25E0%25B6%2585%25E0%25B7%2585%25E0%25B7%2594%25E0%25B6%25AD%25E0%25B7%258A+%25E0%25B6%25B4%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B6%25B8..jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_51.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_51.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy