දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'බැඳුම්කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ඡන්ද රංගනයක්‌'
Homeගොසිප්

'බැඳුම්කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ඡන්ද රංගනයක්‌'

PropellerAds

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම, මැතිවරණ ඉලක්‌ක කරගෙන සිදුකරන රංගනයක්‌ යෑයි ඒකාබද්ධ විපක්‍ෂ...

ශ්‍රිලනිප 16ට එරෙහි විශ්වාසභංගයට එජපෙ සහාය
විශ්වාසභංග දවසේ මහින්ද - චතුර හමුවෙයි.
'එස්.බී - තිලංග ඇතුළු පිරිස අවසන් මොහොතේ ගේමක් ගැහුවා' - සොයිසා.

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම, මැතිවරණ ඉලක්‌ක කරගෙන සිදුකරන රංගනයක්‌ යෑයි ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

බැඳුම්කර සිද්ධිය මීට වසර තුනකට (2015) පෙර සිදුවූවක්‌ බවත් එම වකවානුවේ නීතිය ක්‍රියාත්මක නොකර මැතිවරණ සමයේ මෙය ක්‍රියාවට නැංවීම රංගනයක්‌ බව ජනතාව ද තේරුම් ගත යුතු බවත් ඒ මහතා කීය.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක්‌ වනවා නම් අගමැති, රවි කරුණානයක මහතා මෙන්ම ෆුට්‌නෝට්‌ කල්ලියම ඊට වගකිව යුතු බවත් ඒ සියලුම දෙනාට එරෙහිව නීතිය සද්භාවයෙන් ක්‍රියාත්මක වනවාද යන්න ගැන විමසිලිමත්ව සිටින බවත් හෙතෙම පැවැසීය.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් කිහිප දෙනකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර මැතිවරණයෙන් පසු එම පිරිසද නිදොස්‌කොට නිදහස්‌ කිරීමට කටයුතු කරනු ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂයට දැඩි සැකයක්‌ පවතින බව ද ප්‍රසන්න රණතුංග මහතා කීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර විමර්ශනයක්‌ සිදුකළේ නම් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට විදේශගතවීමට නොදී රඳවා ගැනීමට හැකි වන බව පැවසූ ඒ මහතා අර්ජුන මහේන්ද්‍රන් ගුවන් තොටුපළ හරහා විදෙස්‌ ගතවීමෙන් පසු විමර්ශන ආරම්භ කිරීම විමතියට කරුණක්‌ බව ද වැඩිදුරටත් පැවැසීය.

ඔහු මේබව පවසා ඇත්තේ 'දිවයින' පුවත්පතට ප්‍රකාශයක් දෙමිනි.

'දේශපාලන සංදර්ශන එපා; අර්ජුන ගත්තේ ඡන්දේ දිනන්නද' ? - ඇමති අකිල අසයි

මේ අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගැනීමට වසරකට අධික කාලයක් ගත කළේ කුමක් නිසා දැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රශ්න කර සිටියි.

ශ්‍රී ලංකා මහා බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත අත්හිටුවා වසරකට අධික කාලයක් ගත වුවද සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට කිසිඳු පියවරක් නොගැණුනු බවද අමාත්‍යවරයා කියා සිටියි.

එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය මහා ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පවසා ඇත්තේ 'lankanewsweek' වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට හැකි පසුබිම සකස් කර තිබුණද වසරකට වැඩි කාලයක් ඔහු අත්අඩංගුවට නොගෙන සිට මේ අවස්ථාවේදී ඒ පියවර ගත්තේ සෙනසුරාදා(10) පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය අරමුණු කර ගෙන දැයි අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී විමසා ඇත.

වසරක් තිස්සේ නොගත් පියවරක් පළාත් පාලන මැතිවරණය කට උඩට පැමිණි පසු ක්‍රියාත්මක කිරීම තවත් එක් දේශපාලන සංදර්ශනයක කදිම නිදසුනක් බවද එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29324,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'බැඳුම්කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ඡන්ද රංගනයක්‌'
'බැඳුම්කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ඡන්ද රංගනයක්‌'
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjO9WxXEspnahpYKz0XbZGEaPewGEou8eMde12FHEON-HqSfUL6VIvS_dyqecTm_ZsQJfYTkQkquEj0DO5W_grou1lVLYxYYOF3ZoRm96Wr4WFE1-sraCUS5Ul_3Drf-JjfdcnRUmAMk8-s/s1600/1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjO9WxXEspnahpYKz0XbZGEaPewGEou8eMde12FHEON-HqSfUL6VIvS_dyqecTm_ZsQJfYTkQkquEj0DO5W_grou1lVLYxYYOF3ZoRm96Wr4WFE1-sraCUS5Ul_3Drf-JjfdcnRUmAMk8-s/s72-c/1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_422.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_422.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy