තමාගේ අමාත්‍ය ධූරය නැති වීම ගැන තමා සතුටින් සිටින බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා පවසයි. ඒ කැබිනට් රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුවය. එහි...
තමාගේ අමාත්‍ය ධූරය නැති වීම ගැන තමා සතුටින් සිටින බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා පවසයි.
ඒ කැබිනට් රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුවය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“විශේෂයක් නෑ ඔක්කොම කතා කළා. එකට අපි අනිත් මැතිවරණයේදී ජනතාවට සහන දෙනවා, පොහොරත් අපි වහාම ගෙන්වන දේවල් දෙන්න සහන දෙන්න, වියළි කලාපවලට අපේ අයට නිලධාරීන්ගෙන් හරියට පහසුකම් ලැබුණේ නෑ අපේ අයට. අසාධාරණයක් වුණා. ඒවා සාධාරණය කරන්න අපි කටයුතු කළා. ඒ වැඩපිළිවෙල එකමුතුව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රජයේ හා එක්සත් ජාතික පක්ෂය එකට පළාත් පාලන වැඩකටයුතු යන මාර්ගයකට බහින්න පුළුවන්. අගමැතිවවරයාට එරෙහි විශ්වාසභංගය ගේන එකේ මොනවත් අපි දන්නේ නැහැ. අපට ආවෙත් නෑ. අපිට කියලත් නෑ. අපි පත්තරවල විතරයි දැක්කේ. මන් සතුටින් ඉන්නේ. බරක් නෑ. කැලෑ අලියා රෑ කතා කරලා ගහනවා කියන්නේ නැහැ. මන් එනවා බුද්ධ ධර්මයට.”
COMMENTS