ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මධුර විතානගේ අද (02) තේරී පත්විය. නගරාධිපතිවරයා තෝරා පත්...
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මධුර විතානගේ අද (02) තේරී පත්විය.
නගරාධිපතිවරයා තෝරා පත් කර ගන්නා ඡන්ද විමසීමේදී මධුර විතානගේ මහතා ඡන්ද 23ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයේ චන්දිම නයනජිත් මහතා ලබාගත්තේ ඡන්ද 11ක් පමණයි.
මෙහිදී ඡන්ද විමසීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසකගේ සහායෙන් එක්සත් ජාතික පක්ෂයේ අයෙකුට නගරාධිපති තනතුර ලබාදීමට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙනත් අයෙකුට උප නගරාධිපති තනතුර ලබා ගැනීමට සැලසුමක් ක්‍රියාත්මක කර තිබේ.
පොදුජන පෙරමුණේ එම පිරිස සහාය ලබාදීමට එකඟව ඇත්තේ හර්ෂනී සඳරුවනි, සුරාජ් ජයසුරිය, රනිල් සමන් සහ ඉහළගමගේ දයාරත්න යන පිරිසෙන් අයෙකු එක්සත් ජාතික පක්ෂය විසින් නගරාධිපති තනතුරට පත් කල හොත් පමණයි.
එහෙත් කෝට්ටේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක, අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ඊට එකඟ නොවෙමින් චන්දිම නයනජිත් මහතා නගරාධිපති ඡන්දයට නම් කර ඇත.
ඒ අනුව පොදුජන පෙරමුණේ සහාය ලබාදීමට සුදානම් වූ පිරිස සහාය ලබාදී නොමැති අතර එම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී හර්ෂනී සඳරුවනි සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ නගරාධිපති තනතුර එක්සත් ජාතික පක්ෂයේ අයෙකුට ලබාගැනීමට ඇති රහස් සැලසුම පිළිබඳව ඊයේ (01) දිනයේ අගමැතිවරයාට ලිඛිතව දැනුම් දීමට මන්ත්‍රීවරු සිව්දෙනෙක් කටයුතු කර ඇත.
එම ලිපිය පහතින් දැක්වේ.
COMMENTS