දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිදහස් සැමරුමේදී ජනපති දේශප්‍රේමීත්වය ගැන පහදයි
Homeප්‍රවෘත්ති

නිදහස් සැමරුමේදී ජනපති දේශප්‍රේමීත්වය ගැන පහදයි

PropellerAds

දුෂණ විරෝධී මතය ශක්තිමත් කිරීම ජාතික ප්‍රගමනයේ ආත්ම ආරක්ෂාව බවත් දේශප්‍රේමීත්වය යනු මූල්‍ය විනය අනුව කටයුතු කිරීම බවත් මූල්‍ය විනයක් ඇති ක...

නිදහස් සැමරුමේදී ජනපති දේශප්‍රේමීත්වය ගැන පහදයි

දුෂණ විරෝධී මතය ශක්තිමත් කිරීම ජාතික ප්‍රගමනයේ ආත්ම ආරක්ෂාව බවත් දේශප්‍රේමීත්වය යනු මූල්‍ය විනය අනුව කටයුතු කිරීම බවත් මූල්‍ය විනයක් ඇති කිරීමට පුළුල් ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය තිබෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 70 වැනි ජාතික නිදහස් සමරු උළෙලේ දී ජාතිය අමතමින් ප්‍රකාශ කළේ ය.

ඉතාමත් ගෞරවයෙන් හා අභිමානයේ සිහිපත් කරන්නේ, අපේ රටට යටත් විජිත යුගයෙන් නිදහස් ලැබී වසර  70ක් ගතවන ඓතිහාසික නිදහස් සමරුමයි. අනාගත ප්‍රගමනය සඳහා ඉතාමත් වැදගත් වෙනවා. 1948 නිදහස  ලැබීමෙන් පසු අපේ අභියෝග ගණනාවක් ජයගැනීම සඳහ එදා සිට මෙදා දක්වා බලයට පත් වූ රජයන්, රාජ්‍ය නායකත්වයන්, ආරක්ෂක අංශ, පොදු මහජනතාව වගකීම් හා යුතුකම් මනා ලෙස ඉටු කර තිබෙන බව දැඩි ලෙස විශ්වාස කරනවා.

බලාපොරොත්තු නොවූ ආකාරයට රට බෙදීමට, වෙන් කිරීමට,උත්සහ කළ මිලේච්ඡ LTTE ත්‍රස්තවාදය පරාජය කිරීමට වසර 26ක දීර්ගකාලින යුද්දයකට මුහුණ දීමට සිදු වුණා. මෙය විවිධ ක්ෂේත්‍රවල ජාතික ප්‍රගමනයට පසුගමනයන් ඇතිවීමට හේතු වුණා.

අපේ ඉතිහාසයේ වසර දහස් ගණනක ශ්‍රේෂඨත්වය අභිමානය, මහා කතාන්දරයෙන් තිබෙන අද්දැකීම හා ඉන් ඇති වී තිබෙන ජීව ගුණය අපේ අනාගතය සඳහා ඉදිරි වැඩපිළිවෙල ශක්තිමත් කරගැනීමට උගතුන් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් සිය යුග මෙහෙවර කරමින් සිටිනවා.

අනාගතය ගොඩනැගීමට අභියෝග තේරුම්ගත යුතු වෙනවා. ආර්ථික ජයග්‍රහන ළඟාකරගැනීමට රජයක් ලෙස කැපවී සිටිනවා. දුගීභාවය ප්‍රබල අභියෝගයක්. මීට පෙර බලයට පත් වූ සෑම රජයක් ම පුළුල්වැ ඩපිළිවෙලවල්  ක්‍රියාත්මක කර ඇති අතර,අතීත අද්දැකීම් සමඟ නව වැඩපිළිවෙල සමඟ දුගී බවින් මිදීමට මීට වඩා කාර්යක්ෂමව  ඉටු කළ යුතු වෙනවා. සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හදුනාගැනීම අවශ්‍ය වෙනවා. ජාතික ප්‍රමුඛතා නොසළකා, පෞද්ගලික න්‍යාය පත්‍රයන් තුළ දසක කීපයක් තුළ කළ සංවර්ධන ජාතික ආර්ථිකයට අයහපත් ප්‍රතිඵල ගෙන දී  තිබෙනවා. ජාතික ප්‍රමුඛතා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම වැදගත් වෙනවා.

ජාතියේ අනාගතය ශක්තිමත් වන්නේ උගතුන් වැඩි වූ රටකයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රතිපත්ති අදට ඔබින  ආකාරයට හා හෙටට ගැළපෙන ආකාරයට සැකසිය යුතු වෙනවා. නවෝත්පාදන, හරිත ආර්ථිකය සඳහා කැපවීඅම් අවශ්‍ය වෙනවා.නිපුණත සංවර්ධනයාට වෘත්තීය අධ්‍යාපනයට වැදගත් ස්ථානයක් ලබාදීම අවශ්‍යවශ්‍යයි. පැරණි මුදල් රැගුලාසි කඩිනම් සංශෝධනයකට යටත් කළ යුතු වෙනවා. කාර්යක්ෂම සංවර්ධනයක්, විනයක් ඇති  පරිපාලනය, මූල්‍ය විනයක් සඳහා රෙගුලාසි සංශෝධනය කඩිනම් කළ යුතු වෙනවා.යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම අද අත්‍යවශ්‍ය වී තිබෙන බැවින් අයහපත් දූෂිත දේශපාලනය බරපතල ප්‍රශ්නයක්  අභියෝගයක් වි තිබෙන බැවින් පහළ සිට ඉහළටත් ඉහළ සිට පහළට විධිමත්භාවයෙන්, විනයක් ඇති දේශපාලන  පරපුරක් සමඟ රට ඉදිරියට යෑමේ අවශ්‍යතාවය තිබෙනවා.

දේශපාලඥයාගේ අවංකභාවය රට ගොනැගීමට වැදගත් වෙනවා. කැපවීම අවංකභාවය,පිරිසිදුබව,නිකිළිටි බව යුගයේ අවශ්‍යතාවයක්,මාතෘභූමිය ගොඩනැගීම සඳහා. ගහකොළ ඇතුළ සියලු සතුන්ට නිදහසේ පැවැත්ම අවශ්‍යයි.අසීමිත වස්තූන්වලට නිදහසත් මිනිසාට තිබෙන නිදහසෙත් කිසිදු වෙනසක් නොතිබිය යුතුයි. සැබෑ නිදහස යනු මිනිසේකුගේ නිදහස පමණක් නොව, වගකීම් සහගත තත්ත්වය පාසල් දරුවාගේ සිට දැනුවත් කිරීම වැදගත් වෙනවා.

අපේ ආදරණීය ජනතාව, ඉල්ලා සිටින්නේ නිදහස හා සෞභාග්‍යයයි.ආර්ථික සමෘද්ධිය සෞභාග්‍ය ජනතාවගේ ප්‍රාර්ථනයයි. අපේ ජනතාවගේ අනනය්‍යතාවය දේශීයත්වය,අපේ සංස්කෘතිය උදාකිරීමට වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා. දැනුම ලබාගැනීමත් සමඟ ස්වදේශික උරුමයන් නොබිඳ කටයුතු කළ යුතු වෙනවා.

මේ සඳහා රජ්‍ය අංශය හා පෞද්ගලික අංශයේ වගකිම් ඉටු කළ යුතු වෙනවා. අවධානය යොමු කළ යුතුයි,අභියෝග සිහිපත් කළ යුතුයි. දූෂණ විරෝධය රටක ආත්ම ආරක්ෂාවයි. දුෂණ විරෝධී මතය ශක්තිමත් කිරීම ජාතික ප්‍රගමනයේ ආත්ම ආරක්ෂාවයි. ආර්ථිඅක් නිදහසට ගොඩනැගෙමින් තිබෙන විට ඊට එරෙහිව දූෂණය,අල්ලස ,හොරකම අප විසින් පිටු දැකිය යුතූයි. සෑම දේශපාලඥයන් ම ඒ ආදර්ශය ලබාදීම යුගයේ කර්යයක් ලෙස හඳුන්වනවා. කාර්යාක්ෂමව , එඩිතරව, සටන්කාමීත්වයෙන් ආර්ථිකය ගොඩනැගීමට රට ඉදිරියට ගෙන යෑමට කැපවීමේ අත්‍යාවශ්‍යතාව දකිනවා.

මේ රට ගිඩනැගීමට ජාතිවාදී අඳහස්වලින් තොරව සංහිදියාව ගොඩනගමින් ජීවත්වීමේ අයිතිය සහතික කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. ආගමික සහජීවනය,භාෂා,ජාතික සහජීවනය,ශක්තිමත් කරමින් සැකෙන් බියෙන් තොරව ජීවත් වීම සහතික කළ යුතු වෙනවා. අද මූලික වශයෙන් දේශප්‍රේමීත්වය යනු මූල්‍ය විනය අනුව කටයුතු කිරීමයි. දේශප්‍රේමීත්වය එක් එක් යුගවල නිර්වචන දිය හැකියි. මූල්‍ය විනයක් තුළ කටයුතු කිරීම වැදගත්. මූල්‍ය විනයක් ඇති කිරීමට පුළුල් ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය දකිනවා. ඒ නිසා පිරිසිදු නොකිලිටි දේශපාලනයක් සඳහා සියලු දෙනා කැපවෙමින් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්ගෙන් සැදුම් ලත් රට ගොඩනැගීමට දුෂණය, අල්ලස වළක්වාගැනීමට පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි කියන පණිවිඩය ලබාදීමට කැමතියි.

අපේ රට බෙදන්නට එල්.ටීටී ඊ ත්‍රස්තවදීන් කටයුතු අවස්ථාවේ දී ජීවිත පරිත්‍යාග කරමින් ආබාධිත වෙමින්,පවුල් ජීවිත අහිමි කරමින් වෙදනාකාරි අද්දැකීම් සමඟ මේ රටේ බහුමික අඛනණ්ඩතාවය වෙනුන් රණවිරුවන් සටන් කළා. මම රජයේ ගෞරවය ප්‍රණාමය යුද, ගුවන්, නාවික,පොලිස් ක්ෂේත්‍රලවට රාජ්‍ය සේවයට ගෞරවය පුදකරනවා. ජාතියේ අනාගතය සඳහා දුගීබවින්, දූෂිතයන් තොර ප්‍රබුද්ධ රටක් සඳහා උගත් තරුණ පරපුර සමඟ කැපවෙමු යැයි ජනාධිපතිවරයා පැවසීය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29295,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිදහස් සැමරුමේදී ජනපති දේශප්‍රේමීත්වය ගැන පහදයි
නිදහස් සැමරුමේදී ජනපති දේශප්‍රේමීත්වය ගැන පහදයි
http://am.lk/media/k2/items/cache/a52beb66b403984607068f078eef3f45_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_39.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_39.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy