යූ.එන්.පී ආර්ථිකය පාලනය ජනපති අතට ගත්තොත් කුමක් සිදුවේද යන්න වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඒ ඊයේ (06) පුත්තලම න...
යූ.එන්.පී ආර්ථිකය පාලනය ජනපති අතට ගත්තොත් කුමක් සිදුවේද යන්න වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ඒ ඊයේ (06) පුත්තලම නගරයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“සමහර උදවිය කියනවා මෙච්චරකල් යූ.එන්.පී ආර්ථිකය පාලනය කළේ ඒ හින්දා යූ.එන්.පී ආර්ථිකය පාලනය හොඳ නෑ. අපි මේක අතට ගන්නවා කියලා මේ ඊයේ පෙරේදා එක්කෙනෙක් කියනවා වේදිකාවේ ඉඳගෙන. තමුන්නාන්සේලා දන්නවා නයා පොළේ ගියාම වෙච්ච දේ. එක අහිකුන්ටක මනුස්සයෙක් නයෙක් අල්ලාගෙන තියෙනවා. මේ මනුස්සයා මේ නයා හොඳට පුහුණු කරගෙන අරගෙන ගියා පොළේ. පොළට අරන් ගියා අහිකුන්ටක මනුස්සයා නළාව ගහනවා. නයා නටනවා මිත්‍රවරුනි. නයා නටනකොට වට වෙලා ඉන්න අපි ඔක්කොම කස කස ගාලා අතේ තියෙන රුපියල, දෙක සල්ලි දානවා. නයා බැලුවා හැමදාම මම නටනවා මේ යකා සල්ලි ගන්නවා. ඒ හින්දා නයා කල්පනා කළා මීට පස්සේ මෙයාට සල්ලි දෙන්නේ නැහැ. මන් යනවා තනියම මන් ගිහින් නටනවා කියලා. නයා පැන්නා එළියට හොර රහසේම ගියා එළියට, පොළට ගිහිල්ලා නටන්න ගත්තා, නටන්න යනකොටම මිනිස්සු වට වෙලා මේ නයෙක් නයෙක් කිව්වා. වට වුණා පොල්ල අර ගත්තා කෙලියා ඔළුවට. යූ.එන්.පීයෙන් ආර්ථිකය අරගෙන වෙන කවුරු හරි කරන්න යනවා නම් සිද්ධ වෙන්නේ නයා පොළේ ගිය එකේ අනිත් එක කියන එක මතක් කරලා දෙන්න ඕනේ.”
COMMENTS