අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව දුෂණ චෝදනා රැසක් එල්ලව තිබියදී ඔහුට නීතිය හා සාමය පිළිබඳව කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දීම තරය...
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව දුෂණ චෝදනා රැසක් එල්ලව තිබියදී ඔහුට නීතිය හා සාමය පිළිබඳව කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දීම තරයේ හෙලා දකින බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පෙරියසාමි ප‍්‍රදීපන් මහතා ප්‍රකාශ කර ඇත.
පෙරියසාමි ප‍්‍රදීපන් මහතා මේ බව කියා සිටියේ හැටන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අද (26) මාධ්‍ය හමුවකට එක් වෙමින්ය.
මෙම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණයේදී රටේ ජනතාවගේ ජන්ද බලය අභිබවා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කැබිනට් අමාත්‍ය ධූර ලබා දීම හෙලා දකින බවය.
හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දුෂණ වංචා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පැවසු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධූර ලබා දීමෙන් රටේ ජනතාවට හැගී යන්නේ එම දුෂණ වංචා සිදු කළ අය නීතිය හමුවට ගෙන ඒම වෙනුවට අග‍්‍රාමාත්‍යවරයා ඔවුන් රැක ගැනීමට සිය අමාත්‍යධුරයේ බලතල පාවිච්චි කරන බවට යනුවෙනි.
ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂීකයන්ගෙන් සමන්විත තනි ආණ්ඩුවක් මේ රට තුළ ස්ථාපනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරන බවට රටේ ජනතාව තුල තවදුරටත් විශ්වාසය ඇති බව පෙරියසාමි ප‍්‍රදීපන් මහතා වැඩි දුරටත් කියා සිටියේය.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS