අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරය ඇති බවත්, ඔහුට ආණ්ඩුව කරගෙන යා හැකි බවත් වැලිවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පාර්ලිම...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරය ඇති බවත්, ඔහුට ආණ්ඩුව කරගෙන යා හැකි බවත් වැලිවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
එසේම, පොහොට්ටු පක්ෂය ඇතුළු අයට බහුතරය ඇත්නම් ඔවුන් පෙන්විය යුතු බවද ඔහු කියා සිටී.
ඇමරිකාවේ මිඩ්ටර්ම් මැතිවරණ ඇති බවත්, එහිදී පවතින ආණ්ඩුව පරාජයට පත්වීම සිදුවුණද යළිත් මහ මැතිවරණ ජය ගන්නේ ආණ්ඩු පක්ෂයම බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.
ව්‍යවස්ථාවට අනුව 46 (02) හි සඳහන් ආකාරයට අගමැතිවරයා ඉවත්කළ හැක්කේ ඔහු විසින් අස්වීම ලබාදුන්නොත් හෝ ඔහුගේ මන්ත්‍රීධුරය අහෝසි වී ගිය අවස්ථාවක පමණක් යැයිද දිසානායක මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුව විසුරුවන්න ගැසට් ගහන්න බෑ
ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කිරීමට යන බවට රාවයක් තිබුණ බවත්, තමා ඒ ගැන සොයා බැලූ බවත් එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගැසට් නිකුත් කළ නොහැකි බවද ඔහු කියා සිටියේය.
පොහොට්ටුවට බහුතරය ඇති බවට උදම් අනන්නට එපා යැයිද පැවසූ අමාත්‍යවරයා පොහොට්ටුවට ඇත්තේ 44%ක් බව මතක තියාගන්නැයිද ඔහු අවධාරණය කළේය.
COMMENTS