2018 පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහයෝගය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයක් ලබාගත්තේය. පලාත් ...
2018 පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහයෝගය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයක් ලබාගත්තේය.
පලාත් පාලන ආයතන 340 අතුරින් පළාත් පාලන ආයතන 239 කට අධික ප්‍රමාණයක ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් විය.
ඒ අනුව ඔවුන් සමස්ත දිස්ත්‍රික්ක 24න් දිස්ත්‍රික්ක 19ක බහුතර බලය තහවුරු කරගෙන තිබේ.
2018 පළාත් පාලන ඡන්ද විමසීමේ සමස්ත ප්‍රතිඵලයට අනුව පළාත් පාලන ආයතන 340න් 239කට අධික පළාත් පාලන ආයතන රැසක බලය තහවුරු කර ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි.
පළාත් පාලන ආයතන 41 ක බලය එක්සත් ජාතික පක්ෂය විසින් අත්පත් කරගන්නා ලද අතර ද්‍රවිඩ ජාතික සන්ධානයට පළාත් පාලන ආයතන 34 ක බහුතරය හිමිවී තිබිණ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආයතන 10 ක් හිමිවූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 4 ක් හිමිවී තිබිණ.
නෙළුම් පොහොට්ටුව ලකුණින් තරග කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ දක්වා හිමි කරගෙන තිබෙන සමස්ත ඡන්ද සංඛ්‍යාව 49,41,952 ක් වන අතර සමස්ත ඡන්ද ප‍්‍රමාණයෙන් 45.09 % ක ප‍්‍රතිශතයකි. මෙම ඡන්ද සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වී ඇති පළාත් පාලන සභික සංඛ්‍යාව 3369 කි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන්නතම ප‍්‍රතිවාදියා වන එක්සත් ජාතික පක්‍ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36,12,259 කි. ප‍්‍රතිශතයක් වශයෙන් එය 32.63 % ක් වන අතර එක්සත් ජාතික පක්‍ෂයට හිමිවී ඇති සභික සංඛ්‍යාව 2385 කි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වී ඇති ඡන්ද සංඛ්‍යාව 9,89,821 ක් (ප‍්‍රතිශතය 8.94 % ක්) වන අතර ජනතා විමුක්ති පෙරමුණට හිමිවී ඇති ඡන්ද සංඛ්‍යාව 6,93,875 (ප‍්‍රතිශතය 6.27 % කි). ප‍්‍රතිඵල ලයිස්තුවේ පස්වැනි ස්ථානය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විසින් හිමි කර ගන්නා ලද අතර ඡන්ද සංඛ්‍යාව 4,91,835 (ප‍්‍රතිශතය 4.44 %) කි.
COMMENTS