කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වී තිබේ. මේ අතර පාර්ලිමේන්තුව අවට ආරක...
කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වී තිබේ.
මේ අතර පාර්ලිමේන්තුව අවට ආරක්ෂාවද තර කර ඇත.
විශේෂයෙන් පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ කැරළි මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන්ද රැඳී සිටියි.
එමෙන්ම පාර්ලිමේන්තුව ද මේ වනවිට රැස්ව තිබේ.
පාර්ලිමේන්තු සැසිවාරය අද (19) දිනයේදී සුපුරුදු පරිදි පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි.
ඒ අනුව අද උදෑසන 10.30ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
COMMENTS