දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

අපි හැදුවේ ලංකාවට උදව් කරන්න... චෝදනා නිසා හොඳට ම කලකිරුණා – ෆර්ඩිනැන්ඩු නිසා අදානිත් කළකිරෙයි

ශ්‍රී ලංකා රජය තමන්ට ලබා දුන් බලශක්ති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇති ව තිබෙන දැවැන්ත මතභේදාත්මක තත්ත්වය දැක දැඩි ලෙස  කලකිරුණු ...

ශ්‍රී ලංකා රජය තමන්ට ලබා දුන් බලශක්ති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇති ව තිබෙන දැවැන්ත මතභේදාත්මක තත්ත්වය දැක දැඩි ලෙස  කලකිරුණු බව අදානි සමූහ ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

තමන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනයන් සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවන් සපුරාලීමේ අදහසින් බව අදානි සමූහ ව්‍යාපාරය පවසයි.

ඉන්දු-ශ්‍රී ලංකා හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවන් සපුරාලීම අත්‍යාවශ්‍ය කරුණක් බව ඉන්දියාවේ වගකිව යුතු ප්‍රධාන සමාගමක් ලෙස තමන් විශ්වාස කරන බව අදානි සමූහ ව්‍යාපාරය ප්‍රකාශ කළේය.

එම අරමුණින් භාරගත් මන්නාරම් සුළං විදුලි බල ව්‍යාපෘතිය හේතුවෙන් අදානි සමූහ ව්‍යාපාරයට චෝදනා සහ විවේචන එල්ල වන බව එහි ප්‍රකාශකයෙක් පැවැසුවේය.

එල්ල වන චෝදනා සහ විවේචන හමුවේ තමන් දැඩිව කලකිරී ඇති බවත් මෙම කාරණාව දැනටමත් ශ්‍රී ලංකා රජයේ අවධානයට ලක් කර ඇති බවත් අදානි සමූහ ව්‍යාපාරය සඳහන් කළේය.

මන්නාරම් සුළං විදුලි බල ව්‍යාපෘතිය අදානි සමාගම වෙත ලබා දෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට  බලපෑම් කළ බවට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සාභාවේදී කළ ප්‍රකාශයත් සමග මෙම මතභේදාත්මක තත්ත්වය හට ගත්තේය.

එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු තමන් හැඟීම්බර වීම නිසා සිදුකල ප්‍රකාශයක් යැයි පවසමින් මෙම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තත් ඉන්දියානු දේශපාලනය තුලද මේ හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් හට ගෙන තිබේ.

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ මහ ලේකම් රාහුල් ගාන්ධි ද මෙම ප්‍රකාශය උපුටා දක්වමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට විවේචන එල්ල කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ මෙම ප්‍රකාශය පිළිබඳ සටහනක් තබමින් පැවසුවේ එම්.එම්. සී ෆර්ඩිනැන්ඩුගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපි හැදුවේ ලංකාවට උදව් කරන්න... චෝදනා නිසා හොඳට ම කලකිරුණා – ෆර්ඩිනැන්ඩු නිසා අදානිත් කළකිරෙයි
අපි හැදුවේ ලංකාවට උදව් කරන්න... චෝදනා නිසා හොඳට ම කලකිරුණා – ෆර්ඩිනැන්ඩු නිසා අදානිත් කළකිරෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpajt7-fHC440V8Ku3aYEMzTR5eWxKbb6wwW0hDFNbk0zHF3zqb5MMFsoQNlLpYId0LzvTOHkzIDNTn7DDbAcrYCbeqwW_TfDiimZyJ-Ea0D5dpaQlGEKrbw-xguI1fmNF-MrMATH2Lnifp0WfQlr0zXYSoqnIYfHq-pi2uQcKf7hcKQFRbHfbsjYzfg/w320-h183/adani.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpajt7-fHC440V8Ku3aYEMzTR5eWxKbb6wwW0hDFNbk0zHF3zqb5MMFsoQNlLpYId0LzvTOHkzIDNTn7DDbAcrYCbeqwW_TfDiimZyJ-Ea0D5dpaQlGEKrbw-xguI1fmNF-MrMATH2Lnifp0WfQlr0zXYSoqnIYfHq-pi2uQcKf7hcKQFRbHfbsjYzfg/s72-w320-c-h183/adani.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/06/blog-post_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/06/blog-post_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy