ජනතාවට අහිතකර මුදල් පනත් ගෙන ඒමට ඉඩ නොදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍ර...
ජනතාවට අහිතකර මුදල් පනත් ගෙන ඒමට ඉඩ නොදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා හිටපු ජනාධිපතිවරයා අතර සාකච්ජාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“අපි සාකච්ජා කළා අලුතෙන්ම මේ ඉදිරිපත් කරලා තියෙන මුදල් පනත ගැන. අගමැතිවරයාට අසීමිත බලයක් දීලා ණය ගන්න, මුදල් ඇමතිවරයාගෙන්, බජට් එකෙන්, පාර්ලිමේන්තුවේ බලතල වලට අමතර බලයක් දීලා කරන්නේ මහ භයානක පනතක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පිළිබඳව අද අපි සාකච්ජා කළා. රටේ අස්ථාවරභාවයක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා ආර්ථිකයට විශාල බලපෑමක් සිදු වෙලා තියෙනවා. මේ මැතිවරණ ක්‍රමය ඉතාම අසාධාරණ ජනතා මතය හෙළිදරව් නොවන මැතිවරණයක්.”
COMMENTS