රටේ ඡන්දදායකයින් සංඛ්‍යාවෙන් 78% ක් විශ්වාස කරන්නේ අල්ලස් දූෂණ විරෝධී දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා ඉදිරි මැතිවරණයේ දී ප්‍රමුඛත්වය දි...
රටේ ඡන්දදායකයින් සංඛ්‍යාවෙන් 78% ක් විශ්වාස කරන්නේ අල්ලස් දූෂණ විරෝධී දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා ඉදිරි මැතිවරණයේ දී ප්‍රමුඛත්වය දිය යුතු බවයි. රාජ්‍ය නොවන සංවිධාන 3 ක් ඒකාබද්ධව සිදුකළ සමීක්ෂණයකට අනුව දූෂණ විරෝධය සඳහා 78% ක් ප්‍රමුඛත්වය දෙන අතර 9% ක් සඳහන් කර ඇත්තේ ඊට වඩා ප්‍රමුඛත්වය දිය යුතු කරුණු තිබෙන බවය. ඉතිරි 13% කිසිඳු මතයක් ප්‍රකාශ කර නැත.
එම සමීක්ෂණයේදී චන්දය ප්‍රකාශ කිරීමේ දී ගන්නා තීරණය සම්බන්ධයෙන් යොමු කළ දෙවන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් 36% ක් සඳහන් කර ඇත්තේ දූෂණ විරෝධී සංස්කෘතියක් සඳහා ඡන්දය ප්‍රකාශ කරන බවය. ඒ අතර 24% ක් සඳහන් කර ඇත්තේ උද්දමනය, බඩුමිල ඉහල යාම වැනි ජනතාවට සෘජුව බලපාන කරුණු වලට ප්‍රමුඛත්වය දී ඡන්දය දිය යුතු බවය.18% ක් සඳහන් කර ඇත්තේ ගමට නගරයට වැඩි සේවයක් කළ හැකි පුද්ගලයාට ඡන්දය දෙන බව ය.
ඒ අතර 11% ක් කියා සිටින්නේ දේශපාලන පක්ෂය මත සිය ඡන්දය දෙන බව ය. ඉතිරි 11% කිසිඳු මතයක් ඉදිරිපත් කර නැත.
COMMENTS