නව මැතිවරණ ක්‍රමයක් යටතේ පවත්වන පළමු පළාත් පාලන ඡන්ද විමසීම අද (10) පෙරවරු 7.00ට ආරම්භ විය. ඒ අනුව පළාත් පාලන ආයතන 340 කට අයත් ඡන්ද මධ්...
නව මැතිවරණ ක්‍රමයක් යටතේ පවත්වන පළමු පළාත් පාලන ඡන්ද විමසීම අද (10) පෙරවරු 7.00ට ආරම්භ විය.
ඒ අනුව පළාත් පාලන ආයතන 340 කට අයත් ඡන්ද මධ්‍යස්‌ථාන 13,374 කදී ආරම්භ විය.
කොළඹ මහ නගර සභාව ඇතුළු මහ නගර සභා 24, නගර සභා 41 හා ප්‍රාදේශීය සභා 275 ක් සඳහා දේශපාලන පක්‍ෂ 43 කට හා ස්‌වාධීන කණ්‌ඩායම් 222 කට අයත් අපේක්‌ෂකයන් 57252 දෙනෙකු මැතිවරණයට තරග කරන අතර ඉන් අවම වශයෙන් සභිකයන් 8327 ක් අද පැවැත්වෙන මැතිවරණයෙන් තෝරාපත්කර ගැනීමට නියමිතය.
මෙම සභිකයන් අතුරින් 4978 දෙනෙකු කොට්‌ඨාස මට්‌ටමින්ද ඉතිරි පිරිස ඒ ඒ පක්‍ෂ හෝ ස්‌වාධීන කණ්‌ඩායම් ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතය අනුව අතිරේක ලැයිස්‌තුවලින්ද තෝරා ගැනීමට නියමිතය.
මෙවර ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන් එක්‌කෝටි පනස්‌හත්ලක්‍ෂ අටදහස් හැටහය (15708066) දෙනෙකු සුදුසුකම් ලබා ඇත.
ඡන්ද ප්‍රකාශ කිරීම පස්‌වරු 4.00 ට අවසන් කිරීමෙන් අනතුරුව ඡන්ද පෙට්‌ටි අදාළ කොට්‌ඨාසවල පිහිටුවන එක් එක් ගණන් කිරීමේ මූලස්‌ථාන වෙත රැගෙන යැමට නියමිතය.
ඉන් අනතුරුව පස්‌වරු 5.00 ට පමණ ගණන් කිරීමේ කටයුතු එහිදී ආරම්භ කෙරේ. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්‌ථාන පරිශ්‍රයන් 6823 ක් පිහිටුවා තිබේ.
අදාළ කොට්‌ඨාසයේ ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව එහි ප්‍රතිඵල එම ස්‌ථානයේදීම ප්‍රකාශයට පත්කරනු ලබන අතර පසුව එලෙස සෑම කොට්‌ඨාසයකම ප්‍රතිඵල අදාළ තේරීම් භාර නිලධාරී කාර්යාල වෙත යෑවෙනු ඇත. අනතුරුව එම කාර්යාලවලදී එක් එක් පළාත් පාලන ආයතනවල අවසන් ප්‍රතිඵල සකස් කර මැතිවරණ කොමිසම හරහා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙවර ඡන්ද මධ්‍යස්‌ථානවලට හා ගණන් කිරීමේ කටයුතුවලට රජයේ නිලධාරීන් හා සේවකයන් එක්‌ලක්‌ෂ හැත්තෑදහසක් පමණ යොදවා තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය නෑ
මෙතෙක් පැවැති පළාත් පාලන ආයතන සංඛ්‍යාව ද 335 සිට 341 දක්වා වැඩි වුවද ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඡන්ද පෙත්සමක් ලැබීම හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය අත්හිටුවා තිබේ.
ඒ අනුව අලුතින් එක්වන පොලොන්නරුව මහ නගර සභාව, මිල්ලනිය, නෝර්වුඩ්, ආගරපතන, කොටගල හා මස්කෙළිය යන ප්‍රාදේශීය සභා හේතුවෙන් පාළාත් පාලන ආයතන සංඛ්‍යාව 341ක් දක්වා වැඩිවී තිබේ.
කොට්ඨාස යටතේ තෝරාපත් කරගත යුතු සභික සංඛ්‍යාව 60%ක් ලෙස සලකා, ඉතිරි 40% වූ සභික සංඛ්‍යාවට අපේක්ෂකයන් 3ක් එකතු කිරීමෙන් ලබාගන්නා සංඛ්‍යාවට සමාන අපේක්ෂකයන් සංඛ්‍යාවක් මේ නාමයෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතුය.
මෙවර පළාත් පාලන මැතිවරණය මෙරට ඉතිහාසයේ විශාලතම මැතිවරණය වනු ඇති බව මැතිවරණ කොමිසමේ අදහසයි. 1969 දක්වා පැවැති ගම් සභා ක්‍රමයත් ඉන් පසුව 2011 දක්වා පැවැත් වූ සමානුපාතික නියෝජන ක්‍රමයත් වෙනුවට 2012 අංක 22 දරන කොට්ඨාස සහ සමානුපාතික මිශ්‍රිත නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මේ මගින් කොට්ඨාස මට්ටමින් අපේක්ෂකයන් 60%ක් ද, සමානුපාතික මට්ටමින් අපේක්ෂකයන් 40%ක් ද තෝරා ගැනෙයි.
කේවල සභික කොට්ඨාස 4750ක් ද, දෙදෙනකු පත් වන බහු සභික කොට්ඨාස 165ක් ද තිදෙනකු පත්වන බහු සභික කොට්ඨාස 4ක් ද වෙයි. කොට්ඨාස මට්ටමින් සභිකයන් 5092ක් ඇතුළුව පත්වීමට නියමිත සභික සංඛ්‍යාව 8346 දෙනෙකි. එනම්, මීට පෙර සිටි පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාවට වඩා දෙගුණයක ඉහළ යෑමකි.
මෙවර මැතිවරණයේ දී කාන්තා අපේක්ෂිකාවන්ට ද වැඩි අවස්ථාවක් දී ඇත. කාන්තා නියෝජනය පළාත් පාලන ආයතනයකට පත්වන මුළු සභික සංඛ්‍යාවෙන් 10%ක් විය යුතුය.
එම ප්‍රතිශතය තෝරා ගැනෙන්නේ පළමු නාමයෝජනා පත්‍රයට අනුවයි. දෙවැනි සමානුපාතික අතිරේක නාමයෝජනා පත්‍රයට අනුව අපේක්ෂකයන්ගෙන් 50%ක් කාන්තාවන් විය යුතුය.
ඡන්ද මධ්‍යස්ථාන 13374ක දී පළාත් පාලන මැතිවරණය පවත්වනු ලබන අතර, ඡන්ද ගණන් කිරීම ද එම ස්ථානයේ දී සිදුකරනු ලබන අතර, ඇතැම් කොට්ඨාසවල කලින් තෝරා ගත් ස්ථානවල ඡන්ද ගණනය කිරීම සිදුවේ. ඒ අනුව ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන 6823කි. මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදවනු ලබන වැඩිම නිලධාරි සංඛ්‍යාව මෙවර යොදවයි. එම සංඛ්‍යාව ලක්‍ෂ තුනක් පමණ වේ.
පළාත් පාලන මැතිවරණයේ දී ඡන්දදායකයන් විසින් ඡන්දය ලබා දිය යුත්තේ පක්ෂයකට හෝ කණ්ඩායමක සලකුණක් ඉදිරියේ පමණක් බව පවසන මැතිවරණ කොමිසම ඡන්ද පත්‍රිකාවේ අපේක්ෂකයන්ගේ නම් මුද්‍රණය වන්නේ ද නැති බව සඳහන් කරයි.
COMMENTS