අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාපයේ පරම්පරා 3ක් එලවා දැමු බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රී ගුණරත්න මහතාන් පවසයි. ඒ හබරා...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාපයේ පරම්පරා 3ක් එලවා දැමු බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රී ගුණරත්න මහතාන් පවසයි.
ඒ හබරාදූව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“පරම්පරාවෙන් එක්සත් ජාතික පක්ෂයේ අයගෙන් මම කාරුණිකව ඉල්ලනවා. අලියාට ගසන ඡන්දය තවත් වසර 4 ක් රනිල් වික්‍රමසිංහට එජාපය විනාශ කිරීමට ලබා දෙන ඡන්දයක්. පරම්පරාවෙන් UNP කාරයින් මෙදා රනිල්ට විරුද්ධව කෙසෙල් ඇවරියට ඡන්දය දෙන්න. රනිල්ට බෑ. එයාගේ යාලුවන්ටත් බෑ. රනිල් කළේ එදා මෙදාතුර එජාප නායකයින් හැදූ දේ විනාශ කරන්න පමණයි. නායක රනිල්ට අපේ පක්ෂයඑජාපය දිනවන්න පුළුවන් වුණාද? නෑ. දවසෙන් දවස අන්ත අගාධයකට ගෙන ගියා. එජාපයේ ගජ මිතුරු උපදේශකයින්ගේ ලකුණවක් කා පාගමන් ආවා. අපිත් එයා පස්සේ ඇවිද්දා. අමුගෙඩිය කඩාගන්නට ගොස් ජනාධිපතිවරණය පරාජයට පත් විය. එදා ඉදන් අද දක්වාම එජාපය පැරදුණා. වරද පක්ෂයේ නෙවෙයි. නායකයාගේ. මැතිවරණ 28 ක් පැරදී සිටි රනිල් ට හුස්ම වැටුනේ 2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළ නිසයි. පරාජයේ දී එජාපය සමග සිටි බොහෝ දෙනා කැපී ගියේය.”
“අලුත් ගජ මිතුරන් සිංගප්පුරුවෙන්, එංගලන්තයෙන්, ඕස්ට්‍රේලියාවෙන්, ඇමරිකාවෙන් ආනයනය කළා. එක යාලුවෙක් බිලියන 12 ක් හොරකං කරල මහ බැංකුව කැඩුවා. අනෙකා ශ්‍රී ලංකන් බිලියන 28 ක් පාඩු කලා. දැන් කොමිසමක් දාලා තියෙනවා. රනිල් ගේ අන්තිම බිල්ල 2020 අගමැති අපේක්ෂකයා වෙන්න හිටපු රවී කරුණානායක ය. මොනවා වුනත්, රවී කරුණානායක පාක්ෂිකයාට සැලකුවා. අද එයාව බැදුම්කරෙන් ගැලවෙන්නට බිල්ල දීලා. ඒ බිල්ලේ කට්ටඩියා තිලක් මාරපන ය. 2004 අණ්ඩුව පැරදුනේ මලික්-මාරපන- චරිත රත්වත්තේ අශුද්ධ ත්‍රිත්වය නිසාය. ඒ අශුද්ධ ත්‍රිත්වයම අද උප නායක රවී කරුණානායක විනාශ කරලා. පරම්පරාවෙන් යූ.එන්.පී කාරයින්ට රනිල්ට ඡන්දය දෙන්න බෑ. රනිල් විනාශ කළ යූ.එන්.පී පරම්පරා 20-25 ක් මතක් වෙනවා. රනිල් අවුරුදු 23 ක් යූ. එන්.පීයේ අභිමානය විනාශ කලා. මේ සැරේ පරම්පරා පෙන්නලා තවත් අවුරුදු 7 ක් රනිල් ඉන්නවා හදනවා. පරම්පරාවෙන් යූඑන්පී නම් ඉස්සරවෙලාම පක්ෂය බේරාගන්න. ඊට පස්සේ දිනුවත් - පැරදුනත් එජාප පාක්ෂිකයින්ට අභිමානයෙන් ඉන්න පුළුවන්. ඔබේ ඡන්දය කෙහෙල් ඇවරියට ලබා දෙන්න. එජාපයේ ප්‍රතිපත්ති තියෙන්නේ එතැන මිසක් රනිල් ලග නොවෙයි.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS