දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉතා දුර්ලභ පුස්කොළ පොත් ඇතුළු පෞරාණික ග‍්‍රන්ථ 3,600 කට අධික ප‍්‍රමාණයක්.
Homeගොසිප්

ඉතා දුර්ලභ පුස්කොළ පොත් ඇතුළු පෞරාණික ග‍්‍රන්ථ 3,600 කට අධික ප‍්‍රමාණයක්.

PropellerAds

පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි ආරම්භක පියවරක් ලෙස, ගම්පහ දිස්ත‍්‍රික්කයේ විහාරස්ථාන 55ක් සතුව තිබූ ඉතා දුර්ලභ පුස්කොළ ප...

ගෙවල් නැති කලාකරුවන්ට හම්බන්තොට උදාගමක්
අමල් පෙරේරා ඉස්සුවැයි සැකකළ සුදු කැස්බෑවාගේ සිරුර ගොඩගැනේ
ඇමරිකානු ජනපතිවරණයට දින කිහිපයක් තිබියදී හිලරිගේ ඊමේල් මගඩියක් එළිවේ

පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි ආරම්භක පියවරක් ලෙස, ගම්පහ දිස්ත‍්‍රික්කයේ විහාරස්ථාන 55ක් සතුව තිබූ ඉතා දුර්ලභ පුස්කොළ පොත් ඇතුළු 3,600කට අධික පෞරාණික ග‍්‍රන්ථ ප‍්‍රමාණයක් අනාගත පරපුර සඳහා සංරක්‍ෂණය කිරීමේ කටයුතු මේ වන විට අවසන්ව තිබෙනවා. මීට අදාළව මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් එම පුස්කොළ පොත්වල පැවති තොරතුරු අළලා සකස් කරන ලද  ජාතික පුස්කොළ පොත් නාමාවලියේ පළමු වෙළුම  ඉදිරියේ දී ප‍්‍රකාශයට පත් කිරීමට ද නියමිතයි.

අතීත ශ‍්‍රී ලාංකිකයන් තම දැනුම සහ තොරතුරු අනාගතය වෙනුවෙන් ආරක්‍ෂා කරගැනීමේ ප්‍රධාන  මාධ්‍යයක් ලෙස පුස්කොළ පොත් භාවිතා කරනු ලැබුවා. ශීඝ‍්‍රයෙන් අභාවයට යන මෙම සංස්කෘතික උරුමය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම සම්බන්ධව අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, පුස්කොළ පොත් සංරක්‍ෂණය කඩිනමින් සහ නිසි ප්‍රමිතියකින් සිදු කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

දීර්ඝ කාලයක සිට නිසි පරිහරණයක් සහ ආරක්‍ෂක ක‍්‍රමවේදවලින් බැහැරව සිදු කළ ගබඩා කිරීම් නිසා මෙම ග‍්‍රන්ථවලින් වැඩි ප‍්‍රමාණයක් මේ වන විට විනාශයට පත් වෙමින් පවතිනවා. එබැවින් ලංකාව පුරා විහාරස්ථානවල සහ පුද්ගලික එකතු ලෙස පවතින පුස්කොළ ග‍්‍රන්ථ නිසි පරිදි හඳුනාගෙන ආරක්‍ෂා කිරීමේ අරමුණින් මෙම සංරක්ෂණ වැඩසටහන ආරම්භ කරනු ලැබුවා.

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් විධිමත් පුහුණුවක් ලබා ඇති නිලධාරීන් කණ්ඩායමක් මෙම කාර්යය සඳහා යොදවා ඇති අතර, ඔවුන් විසින් නියමිත තාක්ෂණික ක‍්‍රමවේදයන්ට අනුව සංරක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා. අනතුරුව මෙම පුස්කොළ පොත්වල අන්තර්ගතය අධ්‍යයනය කිරීමටත්, පුස්කොළ පොත් ස්කෑන් කොට දත්ත ගබඩාවක් ලෙස සකස් කිරීමට සහ අවසානයේ එම පුස්කොළ පොත්  විවරණ සහිතව සුචිගත කිරීමටත් පියවර ගැනෙනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා  සඳහන් කරන්නේ, පුස්කොළ පොත්වල පවතින ඓතිහාසික වටිනාකම පිළිබඳ ජනතාවට අවබෝධයක් ලබා දීමට ද අවධානය යොමු කළ යුතු බවයි. 

ඒ අනුව පුස්කොළ පොත් නිෂ්පාදනය කිරීම හා නිසි පරිදි සංරක්‍ෂණය කිරීම පිළිබඳව පොදු ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයෙහි ප‍්‍රදර්ශන කුටියක් ද නිර්මාණය කොට තිබෙනවා. මීට අමතරව පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා පුස්කොළ පොත් සංරක්‍ෂණය පිළිබඳව අධ්‍යාපනික ප‍්‍රදර්ශන සහ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් දිවයින පුරා පාසල්වල මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ක‍්‍රියාත්මක කරමින් සිටිනවා.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉතා දුර්ලභ පුස්කොළ පොත් ඇතුළු පෞරාණික ග‍්‍රන්ථ 3,600 කට අධික ප‍්‍රමාණයක්.
ඉතා දුර්ලභ පුස්කොළ පොත් ඇතුළු පෞරාණික ග‍්‍රන්ථ 3,600 කට අධික ප‍්‍රමාණයක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPXVbV3fO8gX2fZS7QxYUlFWC5BCncmuOlMroCO5T4orByylDgjVVASyCud9K4yK_8onYkauY3CQblrz-2TiGAgl2KP-y0p3sQffrYGknDpdxhzw7hpZS3iX-Hutk2WbCWBrmXDejAwdE/s1600/kalu+mediima.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPXVbV3fO8gX2fZS7QxYUlFWC5BCncmuOlMroCO5T4orByylDgjVVASyCud9K4yK_8onYkauY3CQblrz-2TiGAgl2KP-y0p3sQffrYGknDpdxhzw7hpZS3iX-Hutk2WbCWBrmXDejAwdE/s72-c/kalu+mediima.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/3600.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/3600.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy