දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාපය හා පොහොට්ටුව අධිතක්සේරුවක : කලින් ජනපතිවරණ නැතැයි ජනපති කියයි.
Homeගොසිප්

එජාපය හා පොහොට්ටුව අධිතක්සේරුවක : කලින් ජනපතිවරණ නැතැයි ජනපති කියයි.

PropellerAds

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) අධි තක්සේරුවකින් කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පස...

කුඩු ගසා රියපදවන අය අල්ලන්න ක්‍රමයක් නෑලු
ඇස් පෙනීම දුර්වල සිසුවිය ගාල්ලෙන් එක විභාගයට ලිව්වේ පෑනෙන් සාමාන්‍ය අය වගේ
පවුලේ බිස්නස් එක වගේ රට පාලනය කරන්න එපැයි ඔබාමා ට්‍රම්ප්ට කියලා



එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) අධි තක්සේරුවකින් කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පසුගියදා කොළඹ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) උද්ඝෝෂණය ගැන සඳහන් කරමින් ජනාධිපතිවරයා එසේ කියාසිටියේ, නිවිතිගල මහජන පොළ භූමියේ ඊයේ (08) පෙරවරුවේ පැවැති ශ්‍රීලනිප තරුණ බල මණ්ඩලයේ රැස්වීම අමතමිනි.

'' පොහොට්ටුවේ අය එය සාර්ථක බව පවසන නමුත්, එජාපය පවසන්නේ එය අසාර්ථක වූ බවයි'', මොවුන් දෙපිරිසම අධිතක්සේරුවකින් කටයුතු කරන බව කී ජනපතිවරයා, මී ළඟ මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සාධකයක් වන බවද කීය.

ඒ සඳහා උදාහරණ දැක්වූ ජනපතිවරයා කියාසිටියේ පෙබරවාරි 10වනදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව එම පක්ෂයට මහ මැතිවරණයකදී ලබාගත හැකිවන්නේ ආසන 102ක් බවය.

එම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද ලක්ෂ 15ක් ලබාගත් බවද, එය මේ වනවිට ලක්ෂ 20 දක්වා වැඩිකරගෙන ඇතැයිද ජනාධිපතිවරයා කීය.

''හොඳ අග්‍රාමාත්‍යවරයෙක් පත්කර ගත යුතුයි'' 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව මීළග ජනාධිපතිවරණයකින් පසු ජනාධිපතිවරයාගේ බලතල ඉතා සීමිත වන බවත් රටේ ප්‍රධාන තනතුර වන්නේ අග්‍රාමාත්‍ය ධුරය බවත්, ඒ අනුව දේශපාලන ක්ෂේත්‍රයේ සියලුදෙනාගේ සංවාදයට සහ සාකච්ඡාවට ලක්විය යුත්තේ මීළග ජනාධිපතිවරණයක් පිළිබඳව නොව රටට හොද අගමැතිවරයෙක් තෝරා පත් කර ගැනීම පිළිබඳව බවද ජනපති මෛත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී අවධාරණය කර සිටියේ ය.

කෙසේවුවද ජනාධිපතිවරණය නියමිත කාලයට දිනකට හෝ පෙර නොපවත්වන බව පැවසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව කිසිවෙකුටත් ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව මෙහිදී අවධාරණය කළේය.

මහින්ද එකඟ කරගැනීමට දිගටම සාකච්ජා !

මේ අතර මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දී අගමැතිකම මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමට 15 කණ්ඩායම ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ඒකාබද්ධයේ නායකයින් අතර මේදිනවල තීරණාත්මක සාකච්ජා වටයක් පැවැත්වෙන බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.


නව ආණ්ඩුවක තනතුරු බෙදා ගන්නා ආකාරය සම්බන්දයෙන් මේ වන තෙක් අවසන් එකගතාවයට පැමිණ නැති නිසාත්, මීලග ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යයි එම පක්ෂයේ ප්‍රධානින් දැඩි ස්ථාවරයක සිටිම නිසාත් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බවද එම ආරංචිමාර්ග කියා සිටියි.

කලින් ජනපතිවරණ නැතැයි ජනපති කියයි

මේ අතර නියමිත කාලයට කලින් ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් ඒ පිළිබඳ තීරණය කළ යුත්තේ තමා බවත්, නියමිත කාලයට දවසකට හෝ කලින් ඡන්දයක් නොපවත්වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (08) අවධාරණය කළේය.


ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රත්නපුර, නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතමිනි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාපය හා පොහොට්ටුව අධිතක්සේරුවක : කලින් ජනපතිවරණ නැතැයි ජනපති කියයි.
එජාපය හා පොහොට්ටුව අධිතක්සේරුවක : කලින් ජනපතිවරණ නැතැයි ජනපති කියයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgW-XAKolbWd9BUFzuKxwnv0v0mCnitrMnWhXYaSo6NJZ5byKc13sdJhbj611fWZF2bISIsd1mlg86jWy4uPoW3jJfcQu3PSC1bFcyAEZNWLburzHaXBh86WP7uwh3sK8sveaX1QEIadJs7/s1600/My3+147+%25281%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgW-XAKolbWd9BUFzuKxwnv0v0mCnitrMnWhXYaSo6NJZ5byKc13sdJhbj611fWZF2bISIsd1mlg86jWy4uPoW3jJfcQu3PSC1bFcyAEZNWLburzHaXBh86WP7uwh3sK8sveaX1QEIadJs7/s72-c/My3+147+%25281%2529.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_559.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_559.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy