දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද අගමැති : නොවැම්බරයේ ආණ්ඩු පෙරළියකට රහස් කතා!
Homeගොසිප්

මහින්ද අගමැති : නොවැම්බරයේ ආණ්ඩු පෙරළියකට රහස් කතා!

PropellerAds

නොවැම්බර් 08 වැනිදා ආරම්භ වන අය වැය විවාදයේදී ආණ්ඩුව වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද ර...

රමිත් රමුක්වැල්ලට තාවකාලිකව වාහන පැදවීම තහනම්
ලසන්ත විකුමතුංගගේ දේහය ගොඩගැනීම මැද ඩ්‍රෝනයක් ඇවිත් කලබලයක්
ප්‍රභාකරන් මැරුවේ රවිප්‍රියගෙ අය - සරත් ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්


නොවැම්බර් 08 වැනිදා ආරම්භ වන අය වැය විවාදයේදී ආණ්ඩුව වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ කණ්ඩායම් දෙකක් වෙන වෙනම සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

'මව්බිම' පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු එය අනාවරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති සමඟ ඉදිරියටත් මෙම ආණ්ඩුව ගමන් කළහොත් ඉතා දරුණු ආර්ථික අගාධයකට රට ගමන් කරන බවත් ඇමෙරිකානු ඩොලරයේ අගය ශීඝ්‍ර ලෙස ඉහළ යමින් රුපියල අවප්‍රමාණය වීම ඇතුළු ආර්ථික කරුණු රැසක් මෙම සාකච්ඡාවලදී අවධානයට ලක්වී ඇති බවත් වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙයි.

'ජනබලය - කොළඹට' විරෝධතා ව්‍යාපාරයට විශාල පිරිසක් සහභාගි වී ඉතා කඩිනමින් මහා මැතිවරණයක් පවත්වන ලෙසට ආණ්ඩුවට බලකර සිටි බවත්, රටේ පොදු මහජනතාවගේ මෙම බලකිරීම සම්බන්ධයෙන්ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පවත්වන කණ්ඩායම්වල අවධානය යොමු වී තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

මහින්ද රාජපක්ෂගේ ප්‍රතිචාරය ?

අය වැය විවාදය නොවැම්බර් මාසයේදී ආරම්භ වන නිසාත් අය වැයේදී ආණ්ඩුව වෙනස් කිරීමට හොඳ අවස්ථාවක් ලැබී තිබෙන නිසාත් ඒ සඳහා ආණ්ඩුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂවලද සහාය ලබාගෙන ආණ්ඩුව වෙනස් කිරීමට අදාළ වන මෙම සාකච්ඡා දිගටම සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවත් නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

15 දෙනාගේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ මෙම සාකච්ඡාව පවත්වන බවත් තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟද මෙම සාකච්ඡාව සිදුකරන බවත් නානායක්කාර මහතා කියා සිටියි.

ආණ්ඩුව වෙනස් කිරීමට අවස්ථාවක් ලැබුණු විට අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නවාද කියා තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ බවත් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් රට හා පොදු ජනතාව වෙනුවෙන් එය මඟහරින්නේ නැති බවට මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රතිචාරයක් ලැබුණු බවත් වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මේ අතර ශ්‍රීලනිප 15 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසන්නේ, “ජනබලය කොළඹට“ විරෝධතා පාගමන සඳහා ජනාධිපතිවරයාගේ ආශිර්වාදය හිමිවූ බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29400,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද අගමැති : නොවැම්බරයේ ආණ්ඩු පෙරළියකට රහස් කතා!
මහින්ද අගමැති : නොවැම්බරයේ ආණ්ඩු පෙරළියකට රහස් කතා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLca_LP8QhexYUVqy6C2UqPExqLw5K1NvwtixrHo4ES87ZbN-C-r0LBXcKO_BqeniUwP4_5CL8iuU8SOLMyKkUTi2I975htucUo4fLeUVeqgJj0tn3ThVMBqaT9ow44QfZnjomOqAxHi3V/s1600/22-Mahinda-Rajapakse-afp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLca_LP8QhexYUVqy6C2UqPExqLw5K1NvwtixrHo4ES87ZbN-C-r0LBXcKO_BqeniUwP4_5CL8iuU8SOLMyKkUTi2I975htucUo4fLeUVeqgJj0tn3ThVMBqaT9ow44QfZnjomOqAxHi3V/s72-c/22-Mahinda-Rajapakse-afp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_953.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_953.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy