දිවයිනේ විවිධ ප්‍රදේශවල නායයෑම් අවදානම් සහිත ස්ථාන 2363ක් හඳුනා ගෙන ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ස්ථානීය පරීක්ෂණ සිදු කිරීම ම...
දිවයිනේ විවිධ ප්‍රදේශවල නායයෑම් අවදානම් සහිත ස්ථාන 2363ක් හඳුනා ගෙන ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ස්ථානීය පරීක්ෂණ සිදු කිරීම මගින් එම අවදානම් ස්ථාන හඳුනා ගත් බව එම සංවිධානය සඳහන් කළේය.
එම ස්ථාන වලින් ජනතාව ඉවත් කර ස්ථාන 293ක නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කර ඇති බව සඳහන්ය.
වැඩිම නායයෑම් අවදානම් සහිත ස්ථාන රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය 946ක් බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේය.
මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් ස්ථාන 569ක් , ගාල්ල දිස්ත්‍රික්කයෙන් ස්ථාන 310ක් , කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ස්ථාන 122ක් සහ කොළඹ, ගම්පහ යන දිස්ත්‍රික්ක වලින් ද ස්ථාන 44ක් නායයෑම් අවදානම් සහිත ස්ථාන ලෙස හඳුනා ගෙන තිබේ.
ඒ අනුව නිවාස හා ගොඩනැගිලි 6775කින් ජනතාව ඉවත් කර ඇති බව ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS