හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරාය දෙසැම්බර් 9 වැනිදා චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමගම වෙත පවරා දීමෙන් පසු ප්‍රථම වතාවට චීන ජාතික කොඩි...
හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරාය දෙසැම්බර් 9 වැනිදා චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමගම වෙත පවරා දීමෙන් පසු ප්‍රථම වතාවට චීන ජාතික කොඩිය ඊයේ (01) පෙරවරුවේ මාගම්පුර වරායේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට ඔසවන ලදී.
මීට පෙර ශ්‍රී ලංකා ජාතික කොඩිය ඇතුළු වරාය අධිකාරියේ සංකේත කොඩි එහි ඔසවා තිබිණි. නමුත් ශ්‍රී ලංකා ජාතික කොඩිය ඔසවා තිබුණේ අනෙක් කොඩි කණුවලට අඩි එකහමාරක පමණ උසිනි. නමුත් මීට පෙර දින දෙකකට ඉහතදී සියලු කොඩි කණු එක සමාන වන සේ ශ්‍රී ලංකා ජාතික කොඩිය ඔසවා තිබූ කොඩි කණුව උසින් අඩු කර තිබේ.
COMMENTS