දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසදුමක් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් ...
දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසදුමක් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (08) පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණි.
මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ මෙම වසර අවසානයේ වුවද මගී ජනතාවගේ පහසුව සඳහා එහි කටයුතු මාස 11කට පෙර නිම කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පියවර ගැනිණි.
ස්පාඤ්ඤ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව 2016 වසරේ ගුවන් පාලමේ ඉදිකිරීම් ආරම්භ කළ අතර, වැයකර ඇති මුදල රුපියල් මිලියන 4700 කි.
මංතීරු හතර බැගින් වූ ගුවන් පාලම දිගින් මීටර් 534 ක් වන අතර මීටර් 180ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත්ය. මීට සමගාමීව අවට මාර්ග රැසක් සංවර්ධනය කෙරෙන අතර නාරාහේන්පිට දෙසට ගමන් කිරීම සදහා විකල්ප මාර්ගයක් මෙන්ම බුත්ගමුව දෙසට වන මාර්ගය මංතීරු 03 ක් සහිතව සංවර්ධනය කෙරේ.
ලංකාවේ ඉදිකල ප‍්‍රථම ගුවන් පාලම
ඉහළ නවීන තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප‍්‍රමිතීන්ට අනුකූලව ඉදිකර තිබෙන පාලම යකඩ මත කොන්කි‍්‍රට් අතුරා ලංකාව තුළ ඉදිකළ ප‍්‍රථම ගුවන් පාලම ලෙස ඉතිහාසයට එක්වන අතර එමෙන්ම ලංකාවේ ඉදිකළ අලංකාරවත්ම ගුවන් පාලම ද වෙයි.
දිනකට වාහන ලක්ෂයකට වැඩි ප‍්‍රමාණයක් එහා මෙහා ගමන් කරන රාජගිරිය මංසන්ධිය අධික වාහන තදබදයක් සහිත මංසන්ධියක් ලෙස සැලකේ. මෙම අධික වාහන තදබදය පවතින අවස්ථාවල එම මාර්ගයේ වාහනවල වේගය පැයට කිලෝමීටර් දෙකක පමණ ඉතාම මන්දගාමී තත්ත්වයක පවතින අතර මෙම පාලම විවෘත කිරීමෙන් අනතුරුව රාජගිරිය අවට මාර්ගවල පවතින තදබදය තුරන් වී දැනට පවතින වේග සීමාව අට ගුණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පීත්ත පටිය කපා නව ගුවන් පාලම විවෘත කිරීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතින් සිදු විය. ගුවන් පාලම ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ඉකුත් වසර 03 තුළ වත්මන් රජය ජනතාව වෙනුවෙන් රට තුළ ගෙන ගිය සංවර්ධන වැඩපිළිවෙළේ කඩිනමින් නිම කෙරුණු තවත් එක් සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස මෙම ගුවන් පාලම හදුන්වාදිය හැකි බවයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, සමාජ අයිතීන් සහ මූලික අයිතිවාසිකම් මෙන්ම මාධ්‍ය නිදහස ද පිරිහී තිබූ යුගයක මේ රටේ ජනතාව අලූත් ගමනක් යාමට 2015 ජනවාරි 08 වනදා තමන් මේ රටේ රාජ්‍ය නායකයා ලෙස තෝරාගත් බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ඉන් අනතුරුව ගතවූ තෙවසර තුළ රට ඉදිරියට ගෙන යාමට තිබූ අභියෝග රැසක් ජයග‍්‍රහණය කරමින් ශී‍්‍ර ලංකා මාතෘ භූමිය ලෝකයේ පිළිගත් රාජ්‍යයක් ලෙස ඔසවා තැබීමට තමාට හැකි වූ බවද කියා සිටියේය.
ජනවාරි 08 වනදා එම උදාර විප්ලවයට නායකත්වය දුන් සුවිශේෂී චරිතයක් වන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ නමින් මෙම ගුවන් පාලම නම් කිරීම සුදුසු බවද ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.
COMMENTS