දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විරල චන්ද්‍රග්‍රහණයක් අද (PHOTOS)
Homeප්‍රවෘත්ති

විරල චන්ද්‍රග්‍රහණයක් අද (PHOTOS)

PropellerAds

සුපිරි නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණයක් (සුපර් බ්ලූ බ්ලඞ් මූන්) එකවර දැක ගැනීමේ අවස්ථාව අද (31) දින ලෝක වාසීන්ට උදාවන බව කොළඹ වි...

'නව ව්‍යවස්ථාව ප්‍රෝඩාවක්' - ජීඑල් (VIDEO)
වතුකරයේ මව්වරුන් මත්පැන්වලට ඇබ්බැහි වෙලා
චානුක රත්වත්තේ ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
විරල චන්ද්‍රග්‍රහණයක් අද (PHOTOS)

සුපිරි නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණයක් (සුපර් බ්ලූ බ්ලඞ් මූන්) එකවර දැක ගැනීමේ අවස්ථාව අද (31) දින ලෝක වාසීන්ට උදාවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
 
මීට පෙර මෙවැන්නක් සිදුව ඇත්තේ 1866 වසරේ වන අතර ඒ අනුව මෙම අවස්ථාව උදාවන්නේ වසර 152කට පසුවීම විශේෂත්වයකි.
 
නීල චන්ද්‍රයා යන්නෙන් නිල් පැහැ සඳක් යන්න අර්ථවත් නොවන අතර එකම මාසයක දෙවරක් පූර්ණ චන්ද්‍රයා දිස්වීම නීල චන්ද්‍රයා ලෙසින් හඳුන්වනු ලබන බව මහාචාර්යවරයා සඳහන් කළේය. 
 
පසුගිය ජනවාරි 1 වැනිදා ද පූර්ණ චන්ද්‍රයා දිස්වූ අතර 31 වැනිදා යළිත් පූර්ණ චන්ද්‍රයෙකු දිස්වීම සිදුවේ.  
         
එමෙන්ම මෙම පොහෝ දිනයේදී චන්ද්‍රයා වෙනත් පොහෝ දිනවලදීට වඩා  සියයට 14ක් විශාලව සහ සියයට 30ක් දීප්තිමත්ව දිස්වන බව කී මහාචාර්යවරයා එය ‘සුපිරි සඳක්’ ලෙස හඳුන්වන බව ද ප‍්‍රකාශ කළේය. 
         
මෙම වසරේ පළමු චන්ද්‍ර ග‍්‍රහණයද මෙදින සිදුවන අතර එහි ආරම්භය මෙරට වේලාවෙන් පස්වරු 4.21ට පමණ සිදුවන නිසා ශ්‍රී ලංකාවට දිස්වන්නේ එහි අවසන් කොටස පමණක් බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා කීවේය.
         
පූර්ණ චන්ද්‍රග‍්‍රහණ අවස්ථාව පස්වරු 6.22 සිට 7.38 දක්වා දිස්වන අතර රාත‍්‍රී 9.38ට චන්ද්‍රග‍්‍රහණය අවසන්වන බව කී මහාචාර්යවරයා එය නිරීක්‍ෂණය කිරීමට හොඳම කාලය පස්වරු 6.15 සිට රාත‍්‍රී 8.41 දක්වා කාලය බව ද කියා සිටියේය.
         
එය ආසියානු රටවල්,  ඕස්ට්‍රේලියාව, පැසිෆික් සහ උතුරු ඇමෙරිකාවේ බොහෝ රටවල්වලට දිස්වන බව ද මහාචාර්යවරයා පැවසීය.
 
ඇතැම් අවස්ථාවලදී සම්පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණය ‘‘බ්ලඞ් මූන් හෙවත් ලෝහිත චන්ද්‍රයා’’ ලෙස ද හඳුන්වන බව කී චන්දන ජයරත්න මහතා සඳෙහි පෘෂ්ඨය වෙත රතු ආලෝකය පතිත වී පූර්ණ චන්ද්‍රග‍්‍රහණය අවස්ථාවේ අඳුරු පැහැයට වඩා රත් පැහැයක් ගන්නා විට එසේ හඳුන්වන බව ද කීවේය.
         
සුපිරි සඳක් ඇතිවන අවස්ථාවේ චන්ද්‍රයා වෙනදාට වඩා කිලෝමීටර 50,000ක් පමණ පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන අතර එයින් වඩදිය මට්ටමේ සුළු වැඩිවීමක් මිස කටකතා මගින් පැතිර යන පරිදි භූමි කම්පා හෝ සුළි සුළං ඇති නොවන බවද ඔහු සඳහන් කළේය.     

  

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විරල චන්ද්‍රග්‍රහණයක් අද (PHOTOS)
විරල චන්ද්‍රග්‍රහණයක් අද (PHOTOS)
http://am.lk/media/k2/items/cache/e74c640e0b98c944a716fe7e2fc2c095_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/photos_31.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/photos_31.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy