දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨා වගේ අය අපිට ඕනේ - KDU රෝහල් සංකීර්ණය දැක රාජිත කියයි
Homeප්‍රවෘත්ති

ගෝඨා වගේ අය අපිට ඕනේ - KDU රෝහල් සංකීර්ණය දැක රාජිත කියයි

PropellerAds

ගෝඨාභය රාජපක්ෂ මහතා සතුව තිබූ බලතල යොදා ගනිමින් මෙවැනි විශ්ව විද්‍යාල බිහි කිරීම පිළිබදව ස්තූතිවන්ත වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමා...

ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලී බිෂොප් මැතිණිය ශ්‍රී ලංකාවේ සංචාරයක!
බැඳුම්කර වංචාව: හෙළි වු කරුණු විමර්ශනට සූදානම් - කොමිසමේ කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලයි
පොලීසිය ශ‍්‍රීලනිපය අතට - සාගල මහ පාරට..?
ගෝඨා වගේ අය අපිට ඕනේ - KDU රෝහල් සංකීර්ණය දැක රාජිත කියයි

ගෝඨාභය රාජපක්ෂ මහතා සතුව තිබූ බලතල යොදා ගනිමින් මෙවැනි විශ්ව විද්‍යාල බිහි කිරීම පිළිබදව ස්තූතිවන්ත වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ රෝහල් සංකීර්ණය  නිරීක්ෂණයට පසුගියදා එක්වෙමිනි.

 මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

“සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට මම පැමිණියේ පළමු වරටයි. මෙහි පහසුකම් සහ තත්ත්වය පිළිබදව මම සතුටට පත් වෙනවා. මෙවැනි රෝහල් 02 ක් ඉදිරියේ දී ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. එක් රෝහලක් නාරාහේන්පිට කිරි මණ්ඩල මාවතේ සහ අනෙක් රෝහල කොළඹ නගරයේයි. ඒ සදහා ආධාර ලබා දෙන්නේ රුසියාව සහ එක්සත් රාජධානියයි. ඒ අනුව රාජ්‍ය අංශයෙන් ද නව රෝහල් ඉදිකිරීම සිදු කරනවා. නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් පුළුල් කිරීමට අපි කටයුතු කරන අතර, ඒ සදහා අවශ්‍ය පහසුකම් ද ලබා දෙනවා. අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වැඩි මුදලක් වෙන් කරමින් එම සේවාවන් නංවාලීමට කටයුතු කර තිබෙනවා. රජයේ අනුමැතිය මත ක්‍රියාත්මක සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සහ අර්ධ රාජ්‍ය රෝහල් පැවැතීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මම සතුටට පත් වෙනවා. එවැනි ආයතන තවත් ප්‍රවර්ධනය කිරීම මාගේ අරමුණයි. මෙහි විදේශීය සිසුන් ද අධ්‍යාපනය ලබනවා. මෙවැනි විශ්ව විද්‍යාල තවත් බිහිවීමෙන් විදේශීය සිසුන් බංගලාදේශයට හෝ නේපාලයට වෛද්‍ය අධ්‍යාපනය සදහා නොගොස් ශ්‍රී ලංකාවට පැමිණෙනවා. එහෙත් අපි අපගේ දොරටු වසා තිබෙනවා. ඒ අනුව මෙම විශ්ව විද්‍යාලයට මම ස්තූතිවන්ත වෙනවා දොරටු විවෘත කර තිබීම පිළිබදව. මම මෙහිදී හිටපු ආරක්ෂක ලේකම් මා මිත්‍ර ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූතිවන්ත වෙනවා ඔහු සතුව තිබූ බලතල යොදා ගනිමින් මෙවැනි විශ්ව විද්‍යාල බිහි කිරීම පිළිබදව. එක දුරකථන ඇමැතුමකින් ඔහු මෙවැනි වැඩකටයුතු සිදු කළා. එවැනි පුද්ගලයිනුත් අපට සිටිය යුතුයි. ඒ නව ප්‍රතිපත්ති රටට හදුන්වාදීම සදහායි. ඡේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා මෙරටට විවෘත ආර්ථිකය හදුන්වා දුන්නේ ද එලෙසින්. ඔහු එය තීරණය කළා. හදුන්වා දුන්නා. කවුරුන් විරුද්ධ වුනත් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා.”

“අද හැමෝම විවෘත ආර්ථිකය ගැන කථා කරනවා. මෙම විශ්ව විද්‍යාලය ලබාදෙන පහසුකම් මගින් සරසවි සිසුන්ට විශාල සේවාවක් ඉටු වෙනවා. විශ්ව විද්‍යාලයට අනුබද්ධ රෝහලත් ඉතා ප්‍රසංසනීයයි. මෙරට ජනතාවට රෝගී සත්කාරක සේවා සැළසීම සදහා මෙවැනි රෝහල් ඉතා අත්‍යාවශ්‍ය වෙනවා. විශේෂඥ වෛද්‍යවරුන් මෙම රෝහලට අවශ්‍ය බව දැනුම් දුන්නා. මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡා කර ඊට අදාල පියවර ගන්නම්. රජයට ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගයක් පවතිනවා. නමුත් මෙම රෝහල පවත්වාගෙන යාම සදහා උපරිම සහයෝගය ලබාදීමට මම කටයුතු කරනවා. මෙම විශ්ව විද්‍යාලයේ රෝහල සදහා ඖෂධ අවශ්‍ය වෙනවා. නොමිලේ ඖෂධ සැපයීම ප්‍රමුඛ කාර්යයක්. ව්‍යාපාර අරමුණින් සපයන සේවා පිළිබද ඔබ වගබලා ගත යුතුයි. දිළිදු ජනතාවට අවශ්‍ය ඖෂධ නොමිලේ ලබාදීම අපගේ වගකීමයි. මෙම රෝහල පාලනය වන්නේ හමුදාව මගින්. එම නිසා ඉතා යුක්තිගරුක සේවාවක් මෙමගින් ඉටුවන බව මම ප්‍රකාශ කරන්න කැමැතියි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමෙන් කොටසක් ඔබට ද  දැරීමට සිදු වෙනවා. රුපියල් මිලියන 21,800 ක වියදමින් පානදුරේ ද මෙවැනි රෝහලක් ඉදිකරනවා. ඒ කොළඹ රෝහල්වල පවතින තදබදය අවම කිරීම සදහායි. සෞඛ්‍ය සේවයේ පුරප්පාඩු රැසක් පවතිනවා. ඒ අනුව මෙම විශ්ව විද්‍යාලයට ඇතුලත් කර ගන්නා සංඛ්‍යාව ද ඉහළ දැමිය යුතුයි. අපගේ හෙද සේවාව පවත්වාගෙන යාමට 45,000 ක් පමණ අවශ්‍යයයි. එවැනි සංඛ්‍යාවක් අපගේ හෙද සේවාවේ නැහැ. තවත් 14,000 ක් පමණ බදවා ගත යුතුයි. ඒ අනුව ජයවර්ධනපුර රෝහල් භුමියේ හෙද පීඨයක් ස්ථාපිත කරනවා. අපගේ වෛද්‍ය නිලධාරීන්ට සිංගප්පුරුවේ දී පුහුණුවක් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සදහා අවශ්‍ය සාකච්ඡා මේ වන විට අවසන්. මෙම රෝහලේ සේවාවන් පුලුල් කළ යුතුයි. ඉදිරියේ දී තවත් වෛද්‍ය විද්‍යාල 10 ක් ඉදි කළත් මම ඊට සහයෝගය ලබාදෙනවා. එමගින් ශ්‍රී ලාංකික සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගත හැකි වෙනවා.”යැයිද වැඩිදුරටත් පැවසීය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨා වගේ අය අපිට ඕනේ - KDU රෝහල් සංකීර්ණය දැක රාජිත කියයි
ගෝඨා වගේ අය අපිට ඕනේ - KDU රෝහල් සංකීර්ණය දැක රාජිත කියයි
http://ift.tt/2CXW27q
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/kdu.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/kdu.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy